Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත මරියා විදුහලට ඉනිමක ජයක්

ශාන්ත මරියා විදුහලට ඉනිමක ජයක්

editorial - 2020 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම ශාන්ත මරියා විදුහල සහ රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 10 ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරහඹයක නිරත වූ ශාන්ත මරියා විදුහලේ හේෂාන් වෙල්ගම (139) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම හර්ෂ සඳරුවන් 128 කට කඩුලු 11 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 70.4 කදී සියලු දෙනා දැවී 322
(හේෂාන් වෙල්ගම 139, කුවිඳු වික්‍රමසිංහ 38, රන්දෙව් සෙනවිරත්න 37, ශහසින් තෙව්මිණ 34, උමේෂ් මධූෂන 27, ගීත් ද සිල්වා 60/4, තුමුදිද සංජන 59/2)

ශාන්ත ඇලවීෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 170
(කවිෂ භානුක 42, චානුක ධනංජය 34, හර්ෂ සඳරුවන් 58/6, ෂෙහාන් වෙල්ගම 25/2)

ශාන්ත ඇලවීෂියස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 142
(විහාර අත්තනායක 54, රොෂාන් මදුසංක 26, හර්ෂ සඳරුවන් 70/5, කුවිඳු වික්‍රමසිංහ 33/3)


-036

 


අදහස් (0)

ශාන්ත මරියා විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.