Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත තෝමසුවෝ මුල් ඉනිමේ ජයක් ලබති

ශාන්ත තෝමසුවෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2020 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ සහිරා විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී තෝමස් විදුහලේ නිපුන් සමරසිංහ (54) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සචිර රෂ්මික ලකුණු 71 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 80.1 කදී සියලු දෙනා දැවී 252
(නිපුන් සමරසිංහ 54, හිරුෂ ජීවදිත් 49, සචිර රෂ්මික 34, හිරන්ත ලක්ෂාන් 29, මොහොමඞ් මාධි 54/4, මොහොමඞ් ඩිල්හාන් 35/2, ඉෂාන් රුහයිම් 49/2, ඉම්ටියාස් සල්සා 61/2)

සහිරා විදුහල් පළමු ඉනිම - ඕවර 55.3 කදී සියලු දෙනා දැවී 124
(මොහොමඞ් රාහිද් 36, සිනෙත් සිතාර 42/5, සචිර රෂ්මික 36/3)

සහිරා  විදුහල් දෙවැනි ඉනිම - ඕවර 58 කදී කඩුලු 7 ක් දැවී 118
(ඉම්ටියාස් සල්සා නොදැවී 37, මොහොමඞ් ආදිල් 24, සචිර රෂ්මික 35/4)


-036

 


අදහස් (0)

ශාන්ත තෝමසුවෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.