Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝශප් තෙවැනි ජය ලබයි

ශාන්ත ජෝශප් තෙවැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් හැව්ලොක්ස් පිටියේදී අද (15) පස්වරුවේ පැවැති තරගයේදී ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 47-5 කින් මරදාන සහිරා විදුහල පරාජය කිරීමට සමත් වූහ.

මෙය ශාන්ත ජෝශප් විදුහල පිට පිටම ලැබූ තෙවැනි ජයග්‍රහණය වන අතර ශාන්ත ජොශප් විදුහල අතිරේක ප්‍රසාද ලකුණු ද හිමිකරගත්තේය.

ප්‍රබල ශාන්ත ජෝශප් විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 28-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.  
ජයග්‍රාහි ශාන්ත ජෝශප් විදුහල ගෝල හයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළේය. සහිරා විදුහල් පිල උත්සාහක දිනුමක් පමණක් සම්පූර්ණ කළේය.


අදහස් (0)

ශාන්ත ජෝශප් තෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.