Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය රූපවාහිනියෙන් - ටෙන් ක්‍රිකට් වෙතින්

ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය රූපවාහිනියෙන් - ටෙන් ක්‍රිකට් වෙතින්

editorial - 2021 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ‘ශ්‍රී ලංකා රූපවාහිනී’  සහ ‘ටෙන් ක්‍රිකට්’ නාළිකා ඔස්සේ සජීවීව විකාශය කෙරේ. සජීවී ගුවන් විදුලි විස්තර විකාශයේ අයිතිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් හිමිකරගනු ලැබ ඇත.

තරගාවලියේ  විකාශන අයිතීන් හිමිකරගත් නාලිකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (12 වැනිදා) නිල වශයෙන් නිවේදනය කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුල රූපවාහිනි විකාශන අයිතිය ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාවටත් සහ ‘ටෙන් ක්‍රිකට්’ නාළිකාවටත් හිමිවී තිබේ. එම ආයතන දෙකට අමතරව ශ්‍රී ලංකාව, බි්‍රතාන්‍යය, ඉන්දියාව, ඇමරිකාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු උප මහද්වීප කළාපය තුල රූපවාහිනි, ගුවන් විදුලි, යූ ටියුබ්, ජංගම දුරකථන සජීවි විකාශය අයිතිය තවත් ආයතන 8 කට හිමිවී ඇත.

ටෙස්ට් තරගාවලියේ නිල විස්තර විචාරක කමිටුවට රොෂාන් අබේසිංහ, රසල් ආනල්ඞ්, සයිමන් ඩූල් (නවසීලන්තය), ඕවයිස් ෂා (එංගලන්තය) සහ මාක් බුචර් (එංගලන්තය) යන මහත්වරු ඇතුළත් වෙති.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය ප්‍රේක්‍ෂකයන්ට විවෘත නොකෙරේ. ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වන මෙම තරග දෙකම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


■    ශ්‍රීි ලංකාවේ රූපවාහිනිය - ජාතික රූපවාහිනි සංස්ථාව (චැනල් අයි)
■    ශ්‍රී ලංකාවේ ගෙවනු ලබන රූපවාහිනී - ටෙන් ක්‍රිකට් නාළිකාව
■    ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
■    අන්තර්ජාලය - ශ්‍රී ලංකා ක්‍රිකට් ‘යූ ටියුබ්’ චැනලය
■    ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන විකාශය -  ඩයලොග්
■    බ්‍රිතාන්‍යයේ රූපවාහිනි විකාශය - ස්කයි ස්පෝට්ස්
■    බ්‍රිතාන්‍යයේ ගුවන් විදුලි විකාශය - බී.බී.සී
■    ඉන්දියාවේ රූපවාහිනි විකාශය - සෝනී ටෙන් 2
■    ඇමරිකාවේ රූපවාහිනී විකාශය - විලෝ ටී.වී
■    දකුණු  අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු උප මහද්වීප කළාපය - සුපර් ස්පෝට්ස් රූපවාහිනී සේවය

-2079

 


අදහස් (0)

ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය රූපවාහිනියෙන් - ටෙන් ක්‍රිකට් වෙතින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.