Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙබරවාරියේදී අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි 4 ක්

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙබරවාරියේදී අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි 4 ක්

නාමල් පතිරගේ - 2020 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි හතරකට සහභාගිවීමට අපේක්‍ෂා කරයි. ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය අද (9 වැනිදා) ලැබුණි. විමලසේන පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් යුත් ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව එකී ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් නිර්දේශ කර තිබේ.

ආසියාවේ ප්‍රධානතම මැරතන් තරගයක් වන හොං කොං මැරතන් තරගාවලිය පෙබරවාරි 9 වැනිදා හොංකොංහිදී පැවැත්වේ.

ආසියානු මලල ක්‍රීඩා ගෘහස්ත තරගාවලිය පෙබරවාරි 12- සහ13 දිනවල චිනයේදී පැවැත්වෙයි.  නේපාලයේ කත්මන්ඩු නුවර දී නිමාවට පත් වූ 13 වැනි  ‘සාග්’ ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනු ක්‍රීඩක ක්‍රිඩිකාවන් චීනයේදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ගෘහස්ථ තරගාවලියට තෝරා ගෙන තිබේ.

රට හරහා දිවිමේ දකුණු ආසියානු ශූරතාවලිය පෙබරවාරි 15 වැනිදා පෙරවරු 6.00 ට ආරම්භ වෙයි. ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය හා පාකිස්තානය යන රටවලින් ඒ සඳහා ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 28 දෙනෙකු සහභාගිවීමට නියමිතය. ඒ එක් රටකින් ක්‍රිඩක හා ක්‍රීඩිකාවන්  සිව් දෙනකු බැගින් වන පරිදිය.

මෙම තරගය 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළලේ රට හරහා දිවීමේ (කාන්තා/පිරිමි)  තරගාවලියට සමගාමීව පැවැත්වෙයි. මෙවරත් ජාතික රට හරහා දිවිමේ තරගාවලිය විවෘත තරගාවලියක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජාතික රට හරහා දිවිමේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රිිඩිකාවන් සත්කාරක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු තරගාවලියටත් නිර්දේශ කර තිබේ.

ආසියානු ඇවිදීමේ ශූරතාවලිය පෙබරවාරි  15 සහ 16 දිනවල ඉන්දියාවේ රංචි නුවරදී පැවැත්වේ.

ටෝකියෝ නුවරදී ලබන ජුලි 24 වැනිදා සිට අගෝස්තු 9 වැනිදා දක්වා පැවැත්වෙන ඔලිම්පික් උළෙල ඇතුළුව තවත් ජාත්‍යන්තර තරගමාලා ගණනාවකට මෙම වසරේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් සහභාගි කරවීමට මලල ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වෙයි.

කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් සුදුසුකම් මත මේ දක්වා නිර්දේශ වී නැත. ඒ සඳහා පෙබරවාරි මාසය අවසන් වනතෙක් තවදුරටත් අවස්ථාව හිමිව තිබේ.

එක් එක් තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම්

හොංකොං මැරතන් තරගාවලිය (පෙබරවාරි 9)
අමිල සනත් කුමාර හා මධුමාලි පෙරේරා.

ආසියානු මලල ක්‍රීඩා ගෘහස්ත තරගාවලිය (පෙබරවාරි 12 - 13)
අනුර දර්ශන (මීටර් 400), ඉඳුනිල් හේරත් (මීටර් 800), දිල්ෂි කුමාරසිංහ (මීටර් 400, මීටර් 800, මීටර් 4 ං 400), නිලානි රත්නායක (මීටර් 1500, මීටර් 3000, මීටර් 4 ං 400), ලක්ෂිකා සුගන්දි (මීටර් 100 කඩුලු, මීටර් (4 ං 400), සාරංගි සිල්වා (දුර පැනීම, මීටර් (4 ං 400), හෂිනි  ප්‍රබෝධා බාලසූරිය (තුන් පිම්ම).

ආසියානු ඇවිදීමේ ශූරතා තරගාවලිය (පෙබරවාරි 15 - 16)
ජි.එම්.අයි.එස්. දුනුකාර, ජී.එස්. චන්දික හා පී.බී. ගයානි.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙබරවාරියේදී අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.