Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා යොවුන් පිලට දරුණු පරාජයක්

ශ්‍රී ලංකා යොවුන් පිලට දරුණු පරාජයක්

editorial - 2019 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටාරයේ දෝහා නගරයේ ඇස්පායර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලන 19 න් පහළ සුදුසුකම් තේරීමේ තරගාවලියේ තරගයකදී කටාර් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා 19 න් පහළ පිල ගෝල 5-1 කින් පරාජය කරන ලදි. මෙම තරගය ඊයේ (6 වැනිදා) පැවැත්විණ.

මෙම සුදුසුකම් තේරීමේ තරගාවලියේ තරග 5 ක් ඊයේ (6 වැනිදා) පැවැති අතර සියලුම තරග වලින් වැඩිම ගෝල පරතරයකින් පරාජය වී ඇත්තේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමයි. එය ගෝල 4 ක පරතරයකි. ඊයේ පැවැති සෙසු තරග වලදී යේමනය, බහරේනය, සෞදි අරාබිය සහ ඉරානය පහසු ජයග්‍රහණ ලබාගත් අතර ඕමානය සහ කුවේට් කණ්ඩායම් අතර තරගය තාවකාලිකව අත්හිටුවන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (8 වැනිදා) යේමනය සමගද 10 වැනිදා තුර්ක්මෙනිස්ථානය සමගද තරග වැදීමට නියමිතය.

6 වැනිදා තරග ප්‍රතිඵල
■ කටාරය විසින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදි (5-1)
■ යේමනය විසින් තුර්ක්මෙනිස්ථානය පරාජය කරන ලදි (2-1)
■ ඉරානය විසින් කිරිගිස්ථානය පරාජය කරන ලදි (3-0)
■ සෞදි අරාබිය විසින් ඇෆ්ඝනිස්ථානය පරාජය කරන ලදි (1-0)
■ බහරේනය විසින් බංග්ලාදේශය පරාජය කරන ලදි (3-0)
■ ඕමානය සහ කුවේටය අතර තරගය තාවකාලිකව අත්හිටුවන ලදි

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට දරුණු පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.