Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙඳ සේවා වොලිබෝල් තරග 1 වැනිදා සිට

වෙළෙඳ සේවා වොලිබෝල් තරග 1 වැනිදා සිට

Nisanka Sandeepani - 2018 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදි ලබන සැප්තැම්බර් 1 වනිදා ආරම්භවන වෙළෙඳ සේවා වොලිබෝල් තරගමාලාව සඳහා කණ්ඩායම් වෙත අයැදුම් කිරීමට මෙම 20 වැනිදා දක්වා අවස්ථාව සලසා ඇතැයි  තරග සංවිධායකයෝ පවසති. තරගමාලාවේ මුලික වටය සැප්තැම්බර් 1-2 යන දිනවලදීත් අවසන් මහ තරග ලබන නොවැම්බර් 1-2 යන දිනවලදීත් මහරගමදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 වෙළෙඳ  සේවා වොලිබෝල් සංගමය වසර 2012 සිට නැවත ආරම්භ කළ තරගමලාව  මෙවර 7 වැනි වරටත් සංවිධානය කිරීමේදී තරග සංවිධායකයෝ කණ්ඩායම් 100ක් පමණ අපේක්‍ෂා කරති.

 මෙරට වැඩිම ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරෙන වොලිබෝල් තරගමාලාවේදී නිර්දේශ කෙරන දක්‍ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට යතුරුපැදියක් බැගින්ද ප්‍රදානය කිරීමට නියමිතය. තරගමාලාවේ මුළු ත්‍යාග මුදල රුපියල් මිලියන 1.5කට ආසන්න අගයක් ගනී. මෙවර තරගමාලාවේ විශේෂත්වය සියලු අවසන් මහ තරගවලදී ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් හය දෙනකුට බැගින්  විශේෂ සම්මාන ප්‍රදානය කිරීමය. පෞද්ගලික ආයතන, සමාගම්, අර්ධ රාජ්‍ය  ආයතනයන්හි සේවක සේවිකාවන්ගෙන්  සමන්විත කණ්ඩායම් සඳහා මෙම තරගාවලියට සහභාගි විය හැකිය. එහෙත් එම කණ්ඩායම්වලට නිර්දේශ කෙරෙන සේවක සේවිකාවන් අවම එම ආයතනවල මාස තුනක්වත් සේවය කර තිබිය යුතුය.

 සුපර් ලීග, ශූරතා කුසලාන හා ‘ඒ’  යන ප්‍රධාන කාණ්ඩ තුනකින් තරගමාලාව පැවැත්වේ. w.w.w. mva.lk  හෝ mvasrilanka@gmail.com   යන වෙබ් අඩවිය හෝ විද්‍යුත් තැපෑලට යොමුවීමෙන් අයැදුම්පත් ලබාගත හැකිය. වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය නො. 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7  විමසීම් 0710682682, 0776485456 යන දුරකතන ඔස්සේ තරග අයැදුම්පත් යොමුකළ හැකිය.

 සුපර් ලීග් කාණ්ඩයේ ශූරයන්ට රුපියල් 150,000 සිටද, ශූරතා කුසලාතා කාණ්ඩයේ ශූරයන්ට රුපියල් ලක්‍ෂයේ සිටද ‘ඒ’ කාණ්ඩයේ ශූරයන්ට රුපියල් 30,000 සිට ද තෙවැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග 18ක් එහිදී  කණ්ඩායම් වෙත ප්‍රදානය කෙරේ.

එහිදි ප්‍රධාන අනුග්‍රාහකයා (ප්ලැටිනම්) වන්නේ මාස් ආයතනයයි. සන්කුයික් ලංකා ටයිලස්, බ්‍රැන්ඩික්ස්, එක්ස්ෆෝ ලංකා, හෝල්ඩින්ස් පී එල්සි, ටෙලිකොම්, ඬේවිඞ් පිරීස් යන ආයතන සම (රන්) අනුග්‍රාහකයන් ලෙසත් දම්රෝ හා ඔමේගා ලයින් යන ආයතන අතිරේක (රිදී) අනුග්‍රාහකයන් ලෙසත් මෙම තරගාමාලාවට සත්කාරය දරති. 

මෙම තරගමාලව පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවට  වෙළෙඳසේවා වොලිබෝල් සංගමයේ උප සභාපතිවරුන් වන ඒ.එස්. නාලක, අරුණ සේනානායක, චන්දන විජේසිංහ, සුදර්ශන ජයතිලක, ජ්‍යෙෂ්ඨ උප සභාපති රුවන් සංජීව,යාවජීව සභාපති කර්නල් සුජිත් ජයසේකර යන මහත්වරුද සහභාගි වූහ. 


අදහස් (0)

වෙළෙඳ සේවා වොලිබෝල් තරග 1 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.