Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙඳ සේවා තරගාවලියට කණ්ඩායම් 66 ක්

වෙළෙඳ සේවා තරගාවලියට කණ්ඩායම් 66 ක්

රොෂාන් ගුණරත්න - 2019 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 සිට සැප්තැම්බර් 1 වැනිදා දක්වා කණ්ඩායම් 66 ක සහභාගීත්වයෙන් පැවැත්වේ.‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය දින 3 ක් පුරා ක්‍රීඩාංගණ 5 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘ඒ’ කාණ්ඩයෙන් කණ්ඩායම් 18 ක් සහ සහ ‘බී’ කාණ්ඩයෙන් කණ්ඩායම් 48 ක් ලෙස කණ්ඩායම් 66 ක් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව ඇත. වෙළඳසේවා ප්‍රීමියර් ලීග්, වෙළඳසේවා ‘බී’ සහ ‘සී’ කොටස නියෝජනය කරන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩය සඳහා සුදුසුකම් ලබාගත් අතර වෙළඳසේවා ‘ඩි’,‘ඊ’,‘එෆ්’ සහ ‘ජී’ කොටස නියෝජනය කරන කණ්ඩායම් ‘බී’ කාණ්ඩය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

‘ඒ’ කාණ්ඩයේ තරග අගෝස්තු 30 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ‘බී’ කාණ්ඩයේ තරග අගෝස්තු 31 වැනිදා වෙළඳ සේවා ක්‍රිකට් සංගමය, වෙස්ලි විද්‍යාලය, ඩි.එස්.සේනානායක විද්‍යාලය සහ මත්තේගොඩ යුදහමුදා ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතය.

‘ඒ’ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදීත් ‘බී’ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග වෙස්ලි සහ ඩි.එස්.සේනානායක විද්‍යාලීය ක්‍රීඩාංගණවලදී සැප්තැම්බර් 1 වැනිදා පැවැත්වේ. එදිනම සවස ‘ඒ’ කාණ්ඩයේ සහ ‘බී’ කාණ්ඩයේ අවසන් මහා තරගද ඉන් අනතුරුව ත්‍යාග ප්‍රදානයද වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශූරතාවලිය සහ අනුශූරතාවලියට අමතරව කාණ්ඩ දෙකෙන්ම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන කණ්ඩායම සහ ක්‍රීඩකයන් හටද කුසලාන පිරිනැමෙන අතර එක් එක් කාණ්ඩයේ දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, හයේ පහර වැඩිම සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයාට හිමි සම්මානද පිරිනැමේ.

පසුගිය වසරේ පැවැති විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලියේදී ‘ඒ‘ කාණ්ඩයේ ශූරතාව ඇන්ජලෝ පෙරේරා නායකත්වය දැරූ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම දිනාගන්නා විට ‘බී‘ කාණ්ඩයේ ශූරතාව ලක්ෂාන් පෙරේරා නායකත්වය දැරූ ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම දිනාගැනීමට සමත්වූහ.

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය අඛණ්ඩව තෙවැනි වරටත් අනුග්‍රාහකත්වය දක්වන අතර අනුග්‍රාහකත්ව චෙක්පත පිරිනැමීම පසුගියදා වෙළඳ සේවා සංගම් මූලස්ථානයේදී සිදුකෙරුණි.

 

 


අදහස් (0)

වෙළෙඳ සේවා තරගාවලියට කණ්ඩායම් 66 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.