Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විෂබීජ නාශක යොදා පන්දුව පළුදු කරලා

විෂබීජ නාශක යොදා පන්දුව පළුදු කරලා

editorial - 2020 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන බොබ් විලීස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගයකදී වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ක්ලේඩන් විසින් අත් පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක ද්‍රවයක් මගින් පන්දුවේ පැහැය වෙනස් කිරීමට ගත් උත්සහයක් හේතුවෙන් ඊට වැරදිකරුවීම නිසා සසෙක්ස් කණ්ඩායමෙන් ලකුණු 24 ක් අඩුකර ඇත.

අගෝස්තු මාසයේදී රැඩ්ලට් හිදී මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව පැවති තරඟයකදී සිදුවූ මෙම සිද්ධිය හෙළි වීමෙන් පසුව ක්ලේඩන්ට තරග නවයක තහනමක් පැනවීය. එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ ක්‍රිකට් විනය කොමිසම මගින් ක්ලේඩන්ගේ ක්‍රියාව හේතුවෙන්  සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමටද දඩුවම් කර තිබේ.

මෙම ලකුණු 24 ක අඩු කිරීමත් සමගින් ඔවුන් ලකුණු 12 ක් දක්වා පහත වැටෙන අතර දකුණු කණ්ඩායමේ පස්වන ස්ථානයේ සිට හයවන ස්ථානය දක්වා ඔවුන් පහත වැටී තිබේ.
 
නීතිඥ මාර්ක් මිලිකන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් විනය කොමිසමේ මණ්ඩලයක් පසුගියදා රැස්වූ අතර එහිදී ක්‍රීඩා සමාජය විසින් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ නියමයන් වන 3.3 සහ 3.7 උල්ලංඝනය කර ඇති බව තීරණය කිරීමෙන් පසු මෙම දඬුවම නියම කෙරිණ.

පළමු ඉනිමේදී ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගත් ක්ලේඩන් දෙවැනි ඉනිමේදී ලකුණු 41 ක් ලබාදුන්නද කඩුලු දවාගැනීමට අපොහොසත් විය. කෙසේ වෙතත් සසෙක්ස් පිල කඩුලු 5 කින් තරගය පරාජයට පත්විය.

- 2079


අදහස් (0)

විෂබීජ නාශක යොදා පන්දුව පළුදු කරලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.