Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විමලසේන පෙරේරා යළිත් මුල් පුටුවටම

විමලසේන පෙරේරා යළිත් මුල් පුටුවටම

editorial - 2021 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


--------------------
(නාමල් පතිරගේ)
--------------------

තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසවත් නිර්දේශ නොවූ මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපති විමලසේන පෙරේරා මහතා නැවත වරක් එහි සහාපති ධුරයට පත් කරමින් මලල ක්‍රීඩා නව ජාතික තේරීම් කමිටුවක් ප්‍රකාශයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගිය ජුලි මාසයේ නිර්දේශ කරන ලද මලල ක්‍රීඩා නව තේරීම් කමිටුවෙන් හිටපු සභාපති විමලසේන පෙරේරා මහතා ඉවත් කර තිබුණි. ඒ වෙනුවට නව කමිටුවේ සභාපති ධුරයට නිර්දේශ කර තිබුණේ බලඝණනායක මනෝජ් මල්ලවාරච්චි මහතාය.

කෙසේ වෙතත් නව තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස මල්ලවාරච්චි මහතා ඇතුළත් කර තිබේ. සෙසු සාමාජිකයන් වන්නේ ඩී.ඒ. දයාරත්න, ආචාර්ය ඩබ්.ඒ.එන්.ජේ. විජේතුංග යන මහත්වරුන් හා ඉනේකා කුරේ මුතුතන්ත්‍රි මහත්මියයි.

පසුගිය ජුලි 20 වැනිදා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිර්දේශ කළ ජාතික මලල ක්‍රීඩා නව තේරීම් කමිටුව ඉවත් කරමින් ඒ වෙනුවට විමලසේන පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ අනුමැතිය ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. කෙසේවුවත් නව තේරීම් කමිටුව පත් කිරීම වසරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාද වුවත් එයින් බලපෑමක් නොවූයේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ විදෙස් සංචාර අත්හිටුවා තිබෙන තත්ත්වයක් තුළය.

වසර 2017 සිට ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධුරය හොබවන විමලසේන පෙරේරා මහතා හිටපු ප්‍රකට දිගුදුර ධාවන ක්‍රීඩකයෙකි. 1968 මෙක්සිකෝවේ දී පැවති ඔලිම්පික් උළෙලේ දී ඔහු මැරතන් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

 


අදහස් (0)

විමලසේන පෙරේරා යළිත් මුල් පුටුවටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.