Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හතුරුසිංහ පරීක්‍ෂණය මඟහරී

හතුරුසිංහ පරීක්‍ෂණය මඟහරී

යොහාන් භාසුර - 2019 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සේවය අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වූ පරීක්‍ෂණයකට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබේ.

හතුරුසිංහ මහතාගේ සේවය අත්හිටුවීම සම්බන්ධව පරීක්‍ෂණයක් අද (07) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම පරීක්‍ෂණයට සහභාගි නොවන බව හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වේ.

විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයකු මෙම පරීක්‍ෂණය මෙහෙයවීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ හතුරුසිංහ මහතා නොපැමිණිය ද පරීක්‍ෂණය ක්‍රියාත්මක වූවා ලෙස සළකා අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙන යන බවයි.

“හතුරුසිංහ පරීක්‍ෂණයට ආවේ නෑ. ඒත් අපි පරීක්‍ෂණය නැවැත්තුවේ නෑ. අපේ කටයුතු අපි කරගෙන යනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

හතුරුසිංහ මහතා සමඟ සමීප සම්බන්ධතා පවත්වන ක්‍රිකට් නිලධාරියකු පැවසුවේ හතුරුසිංහ වරදක් කර නොමැතිවීම නිසා පරීක්‍ෂණවලට සහභාගිවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.  හතුරුසිංහ මහතා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දීර්ඝ ලිපියක් යොමුකර තිබූ බව ද වාර්තා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය අගෝස්තු මාසයේ සිට හතුරුසිංහ මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවුවද ඒ මහතාට රුපියල් ලක්‍ෂ 80 ක බැගින් වන ගිවිසුම්ගත මාසික වැටුප ගෙවීය. හතුරුසිංහ මහතාගේ සේවා ගිවිසුම ලබන වසරේ (2020) දෙසැම්බර් මස අවසන් වන අතර ඊට පෙර ගිවිසුම අවලංගු කළ හොත් රුපියල් කෝටි 10 කට අධික වන්දියක් ගෙවීමට සිදුවේ.     
 

 

 


අදහස් (1)

හතුරුසිංහ පරීක්‍ෂණය මඟහරී
  • chamara Thursday, 07 November 2019 01:25 PM

    පරීක්ෂණයට හතුරුසිංහව නෙවේ ගේන්න ඕනේ. එයත් එක්ක ඩීල් ගහපු අයව. හතුරුසිංහට ක්‍රිකට් ගහන හැටි විතරයි කියලා දෙන්න පුලුවන්. පිට්ටනියට ගිහින් ක්‍රිකට් ගහන්න බෑනේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.