Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හතුරුසිංහට එරෙහිව පරීක්‍ෂණයක්

හතුරුසිංහට එරෙහිව පරීක්‍ෂණයක්

යොහාන් භාසුර - 2019 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

තාවකාලික වැඩතහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් පරීක්‍ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
 
එංගලන්තයේදී පසුගිය ජූලි මස අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අසාර්ථකත්වයෙන් පසුව හතුරුසිංහ මහතාගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන් පසුව හතුරුසිංහ මහතාට චෝදනා පත්‍රයක් යොමු කළ අතර එයට හතුරුසිංහ මහතා දින 14 ක් තුළ පිළිතුරු සපයා තිබුණි.

හතුරුසිංහ මහතා සම්බන්ධ පරීක්‍ෂණය සඳහා විශ්‍රාමලත් විනිශ්චකාරවරයකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන ද දැනගන්නට තිබේ.

හතුරුසිංහ මහතා ඉවත් කිරීමෙන් පසුව වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ජාතික කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස සංචාරක කීපයකදීම කටයුතු කළේය.
 
හතුරුසිංහ මහතා ජාතික කණ්ඩායමේ සේවයෙන් තාවකාලිකව ඉවත් කළ ද ඔහුට ජාතික කණ්ඩායමේ පුහුණුකරුට හිමි රුපියල් ලක්‍ෂ 80 කට ආසන්න මාසික වේතනය පසුගිය අගෝස්තු මස සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවනු ලැබ තිබේ.

හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒකපාර්ශවිකව ගිවිසුම අවසාන කරන්නේ නම් පුහුණුකරු සඳහා වසරක වැටුප් හෝ ගිවිසුමේ ඉතිරි කාලය සඳහා වැටුප් හෝ යන අගයන් දෙකෙන් වඩා අඩු අගය ගෙවිය යුතුය.
 
හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම ලබන වසරේ (2020) දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට පෙර ගිවිසුම අවලංගු කරන්නේ නම් රුපියල් කෝටි 10 ක පමණ මුදලක් හතුරුසිංහ මහතාට ගෙවීමට සිදුවේ.   
 
 


අදහස් (0)

හතුරුසිංහට එරෙහිව පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.