Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සානියා යළිත් ටෙනිස් පිටියට

සානියා යළිත් ටෙනිස් පිටියට

editorial - 2019 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා සිය කුළුදුල් දරු උපතෙන් වසර දෙකකට පසුව ලබන වසරේ ජනවාරි මාසයේදී නැවතත් ටෙනිස් පිටියට පිවිසීමට සූදානමින් සිටී. හෝබාර්ට්හී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියේදී නැවත වරක් තරගකාරී ටෙනිස් ක්‍රීඩාවට එක්වන බව සානියා ඊයේ (28 වැනිදා) නිවේදනය කළාය.

මේ වන විට වසර දෙකක පුතෙකුගේ මෑණියන් වන සානියා පාකිස්තානු ක්‍රිකට් පිලේ හිටපු නායක ෂොයිබ් මලික්ගේ බිරිඳයි.

33 හැවිරිදි මිර්සා 2017 ඔක්තෝබර් මාසයේදී අවසන් වරට චයිනා විවෘත තරගාවලියේදී යුක්රේනයේ නාඩියා කිචෙනොක් සමගින් කාන්තා යුගල තරගාවලියට ක්‍රීඩා කළාය. පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ෂොයිබ් මලික් සමඟ විවාහ වූ මිර්සා ඇගේ පළමු දරුවා බිහි කිරීමට 2017 වසරේදී තාවකාලිකව ක්‍රීඩාවෙන් සමුගත්තාය.
“මම හෝබාර්ට්හි ක්‍රීඩා කරනවා, පසුව මම ඕස්ටේ්‍රලියානු විවෘත තරගාවලියටත් ක්‍රීඩා කරනවා” යැයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් ඒජන්සියට මිර්සා පැවසුවාය.

“ලබන මාසයේදී මුම්බායිහි තරගාවලියකට එක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන නමුත් මම ඒ ගැන තවමත් ස්ථිර නිගමනයකට එළඹ නෑ. ඒ සම්බන්ධයෙන් 50-50 මට්ටමක ඉන්නවා” යයි ඇය කියන්නීය.
“අපි බලමු මගේ මැණික් කටුව හැසිරෙන ආකාරය. නමුත් හොබාර්ට් සහ ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියට සහභාගිවීම අනිවාර්යයි” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

සිය දරුවා ලැබීමෙන් පසු තමා “විශාල වෙනසක්” අත්විඳ ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

“ඔබේ දෛනික හා නිදාගැනීමේ රටාව වෙනස්වෙනවා. මට දැන් ශාරීරිකව යෝග්‍ය බවක් දැනෙනවා. මගේ ශරීරය දැන් දරු ප්‍රසූතියට පෙර තිබූ තත්වයට පත්වෙලා” යනුවෙන් මිර්සා පැවසීය.

හොබාර්ට් ටෙනිස් තරගාවලිය ජනවාරි 11 සිට 18 දක්වා කාලය තුළ පැවැත්වෙන අතර එය ඕස්ටේ්‍රලියානු විවෘත තරගාවලියට පෙර පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ තරගාවලියකි. ඉන්දියාවේ හොඳම කාන්තා ටෙනිස් ක්‍රීඩිකාව ලෙස සැලකෙන මිර්සා, ඕස්ටේ්‍රලියානු විවෘත තරගාවලියේ මිශ්‍ර යුගල තරග සඳහා ඇමරිකානු ජාතික රජීව් රාම් සමඟ එක්වනු ඇත.

2005 දී වසරේ පැවැති කාන්තා ටෙනිස් සංගම් තරගාවලියේදී කේවල ශූරතාව දිනාගත් පළමු ඉන්දියානුවා බවට මිර්සා පත්වූවාය. ඇය එම වසරේම එක්සත් ජනපද විවෘත තරගාවලියේ සිව්වන වටයට පිවිසි අතර 2007 වන විට ලෝක කාන්තා ශ්‍රේණිගත කිරීම්හී පළමු 30 දෙනා අතරට පැමිණියාය.

නමුත් මැණික් කටුවෙහි ඇතිවූ ආබාධයක් මිර්සාගේ කේවල තරග සිහිනය අවසන් වූ අතර ඇය යුගළ ටෙනිස් තරග කෙරෙහි වැඩි අවධානය යොමු කළාය. ස්විට්සර්ලන්තයේ මාර්ටිනා හින්ගිස් සමඟින් එක්ව ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා තුනක් දිනාගැනීමට ඇය සමත්ව සිටින්නීය.

...


අදහස් (0)

සානියා යළිත් ටෙනිස් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.