Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපර් සන් පිලෙන් අභියාචනයක්

සුපර් සන් පිලෙන් අභියාචනයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය තරග තහනම ළිහිල් කරගැනීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අභියාචනයක් ඉදිරිපත් කළ බව බේරුවල සුපර්සන් ක්‍රීඩා සමාජයේ ලේකම් මොහොමඞ් රම්සාන් මහතා පවසයි. රම්සාන් මහතාට ද මෙම සිදුවීමේදී වසර තුනක තහනමක් පනවා තිබේ.

“මේක සීමාව ඉක්මවා ගිහින් දුන් තීන්දුවක්. දැනටත් අපිට තරගාවලියට ලක්ෂ 30 ක් විතර වියදම්. අපි මොනතරම් අමාරුවෙන්ද ක්‍රීඩා සමාජය කරගෙන යන්නෙ”.

“පාපන්දු සම්මේලනය ඊමේල් කළා කිව්වත් අපිට මේ තරගාවලියේ කොන්දේසි නීතිරීති හරිහැටි ලැබිලා නෑ. ඒ හින්දා අපිට ඒ ගැන හරි වැටහීමකුත් නෑ. මේ තරගයේ සිදුවීමේදී ප්‍රතිවාදී කණ්ඩායමට දිනුම දුන් එකට අපේ විරුද්ධත්වයක් නෑ. මේ තරම්ම අපිට දඬුවම් දෙන්න තරම් මේක කාරණයක්ද කියන එක අපට දැන් ගැටලුවක්. අපි හිතනවා පාපන්දු සම්මේලනයේ සභාපතිතුමා අපිට සාධාරණයක් කරයි කියලා” යයි ද රම්සාන් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර සහරාන් සිංහවංශ මහතා ඒ පිළිබඳව මෙසේ පැවසීය. මීට පෙරත් සිදුවීම් කීපයකදී නාවික හමුදාව, දොන් බොස්කෝ හා රත්නම් ආදී කණ්ඩායම් කීපයක්ම විවිධ චෝදනා මත ශූරයන්ගේ තරගාවලියෙන් පහළට දැම්මා. ඔවුන් නැවැත එතැනට ආවෙ පහළ තරගාවලි ඉඳලයි. ඒ නිසා සුපර්සන් කණ්ඩායම පහළට දාන්න අපි ගත්ත තීරණය අමුතු තීරණයක් නොවෙයි.


අදහස් (0)

සුපර් සන් පිලෙන් අභියාචනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.