Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපර් ලීග් පළමු ජය බ්ලූස්ටාර්ස්ට

සුපර් ලීග් පළමු ජය බ්ලූස්ටාර්ස්ට

නාමල් පතිරගේ - 2021 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු පුහුණු තරග වටය ආරම්භ වූ ඊයේ (17)   කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ලබන අප්‍රේල් 18 වැනිදා නිල වශයෙන් ආරම්භ වන මෙම තරගාවලියට සමගාමීව කොළඹ සුගතදාස පිටියේදී ඊයේ පුහුණු තරග වටය  ආරම්භ විය.

 පුහුණු තරග වටය ලබන මාර්තු 24 වැනිදා දක්වා යෑම සතියකම දින දෙකක් දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. පුහුණු තරග වටය ආරම්භ කරමින් ඊයේ පස්වරුවේ පැවැති ආරම්භක තරගයේදී බේරුවල රෙඩ් ස්ටාර් කණ්ඩායමට එරෙහිව කළුතර බ්ලූස්ටාර්ස් ක්‍රීඩකයෝ ගෝල 2-0  පහසු ජයක් ලැබූහ. එය 15 වැනි විනාඩියේදීම තහවුරු කර දුන් මොහොමඩ් ෆසාල් පළමු ගෝලය ලැබීය. මොහොමඩ් රිසාන් 57 වැනි විනාඩියේදී බ්ලූස්ටාර්ස් කණ්ඩායමට දෙවැනි ගෝලය ලබා දුන්නේය.

  ඊයේ  රාත්‍රියේ පැවැති සෙසු තරගයෙන් වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම හා සී හෝක්ස් (නාවික හමුදාව) කණ්ඩායම අතර තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය. පසුගිය අගෝස්තු මාසයේදී නිමාවට පත්වූ සභාපති කුසලාන තරගාවලියෙන් පසුව ආරම්භ වූ පළමු දේශීය පාපන්දු තරගාවලිය මෙයයි.

 


අදහස් (0)

සුපර් ලීග් පළමු ජය බ්ලූස්ටාර්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.