Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ටොයිනිස්ට පාකිස්තානු තරගය මඟහැරෙයි

ස්ටොයිනිස්ට පාකිස්තානු තරගය මඟහැරෙයි

editorial - 2019 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : රොෂාන් ගුණරත්න)

ඇලපත මස්පිඩුවේ ආබාධයක් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව හෙට (12 වැනිදා) පැවැත්වෙන තරගයේදී මාකස් ස්ටොයිනිස්ට තරගයෙන් ඉවත් වීමට සිදුව තිබේ. ස්ටොයිනිස්ගේ තත්ත්වය සුව අතට පත් නොවුනහොත් ඉතිරි තරග ක්‍රීඩා කිරීම සඳහා ඔහු වෙනුවට මිචෙල් මාෂ් එංගලන්තයට ගෙන්වා ගැනීමට ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ නිලධාරීන් කටයුතු කර ඇත.

ඉන්දියාවට එරෙහිව පසුගිය ඉරිදා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඕස්ටේ්‍රලියාව ලකුණු 36 කින් පරාජයට පත්විය.

ස්ටොයිනිස් වෙනුවට ස්ථීර වශයෙන් මාෂ් කණ්ඩායමට එක්කර ගැනීම සම්බන්ධයෙන් මේ වනතෙක් තීරණයක් ගෙන නොමැති නමුත් ඒ වෙනුවෙන් ලෝක කුසලාන තාක්‍ෂණික කමිටුවෙන් අවසර ඉල්ලා සිටිමට ඕස්ටේ්‍රලියානු නිලධාරීහු බලාපොරොත්තුවෙන් පසුවෙති.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති සහ රෙගුලාසී වලට අනුව ආබාධයකට ලක්වූ ක්‍රීඩකයකු වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කළහැකි නමුත් යම් හෙයකින්  ආබාධයට ලක්වූ ක්‍රීඩකයාගේ ආබාධය සුව වුවද ඔහුව නැවතත් කණ්ඩායමට එක්කර ගැනීමේ අවස්ථාවක් හිමිනොවේ.

“හෙට තරගයට ඔහු ක්‍රීඩාකරන්නේ නෑ. තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ස්ථානය පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවන බවත් පෙර සූදානමක් වශයෙන් මිචෙල් මාෂ් එංගලන්තට ගෙන්වා ගන්නා බවත් නායකයා වැඩිදුරටත් පැවසීය.

ඔහුට කොපමණ තරග ප්‍රමාණයක් අහිමිවී යනවාද යන්න හරියටම පැවසීමට නොහැකි බවත් ඉදිරි දින කිහිපයේදී ඒ පිළිබඳව හරියාකාරව තීරණය කළ හැකි බවත් ඕස්ටේ්‍රලියානු නායකයා වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

ස්ටොයිනිස්ට පාකිස්තානු තරගය මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.