Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සම්පාට දඬුවම් ලකුණක්

සම්පාට දඬුවම් ලකුණක්

editorial - 2019 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර නොටිංහැම්හිදී පෙරේදා (06) පැවැති තරගයේදී ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීති පද්ධතිය උල්ලඝනය කිරීම හේතුවෙන් ඔහුට දැඩි අවවාද කර දඩුවම් ලකුණක් ද එකතු කර තිබේ.

කොදෙව් ඉනිමේ 29 වැනි ඕවරය අවසන් වීමෙන් පසුව ඇඩම් සම්පා, අසභ්‍ය වචන ප්‍රකාශ කළ බවට වැරදිකරු වී තිබේ. ඒ අනුව ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩකයන්ට සම්බන්ධ පුද්ගලයන්ට අදාල නීති රීති පද්ධතියේ 2.3 වගන්තිය උල්ලංඝණය කර ඇති බවට එම තරගයේ තීරක ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රෝ මහතා තීරණය කර තිබේ.

එම තරගයේ විනිසුරුවන් සිවුදෙනා සම්පාට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා විනිසුරු රුචිර පල්ලියගුරුගේ මහතා මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවකු ලෙස කටයුතු කළේය.

ඕස්ට්‍රේලියාව ලකුණු 15 ක ජයක් ලැබූ එම තරගයේදී ඇඩම් සම්පා ලකුණු 58 කට කඩුල්ලක් පමණක් දවාගත්තේය.   

 

 - 048

 


අදහස් (0)

සම්පාට දඬුවම් ලකුණක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.