Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සභාපති කුසලාන තරගාවලිය කල්යයි

සභාපති කුසලාන තරගාවලිය කල්යයි

editorial - 2020 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

රටේ පවතින කොරෝනා වයිරස් වසංගත තත්වයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන ශූරතා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමී තීරණය කර තිබේ.

ජාතික කණ්ඩායමේ සහ පළමු පෙළ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් කණ්ඩායම් 4 ක් තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිතවව තිබූ අතර කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක සහ දිමුත් කරුණාරත්න ඒ ඒ කණ්ඩායම්හී නායකයන් ලෙස නම්කර තිබුණේය.

කොරෝනා වයිරස් වසංගත තත්වය හේතුවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් ඉහළම මට්ටමේ ක්‍රීඩාවක නිතර නොවීම නිසා ඔවුන්ට යම් ආකාරයක තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වීමේ අවශ්‍යතාවය අප වටහාගත් හෙයින් අපි මෙම තරගාවලිය සූදානම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසීය.

කෙසේ වෙතත්, වර්තමාන තත්වයත් සමඟ, ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පරිසරය යෝග්‍ය වන තෙක් තරඟාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.


අදහස් (1)

සභාපති කුසලාන තරගාවලිය කල්යයි
  • Shashika Wednesday, 14 October 2020 02:12 AM

    ඇත්තටම ඒක හොඳ දෙයක්. මේ වගේ අවස්ථාවක කල් දැමීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් කිරීමට නැත.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.