Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සත් සාමාජික රග්බි හෙට - අනිද්දා

සත් සාමාජික රග්බි හෙට - අනිද්දා

editorial - 2019 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ලෝලීන් මහත් උනන්දුවෙන් අපේක්‍ෂා කරමින් සිටි අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය හෙට සහ අනිද්දා (29 සහ 30) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ. හෙට (සෙනසුරාදා) සහ අනිද්දා පෙරවරු 8.30 ට තරගාවලිය ආරම්භ කෙරේ.  

මැලේ ක්‍රීඩා සමාජය, පීටර්සන් ක්‍රීඩා සමාජය සහ ගාල්ල රග්බි පාපන්දු සමාජය හාහා පුරා කියා මෙවර සත් සාමාජික තරගාවලියට අවතීර්ණ වෙති.

තවත් මාස දෙකකින්, දකුණු කොරියාවේ, චීනයේ සහ ශ්‍රී ලංකාවේදී  පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමටද මෙම සත් සාමාජික තරගාවලිය භාවිතා කෙරෙනු ඇත.

පසුගිය වසරේ තරගාවලියේදී මහනුවර ක්‍රීඩා සමාජය සහ සී. ආර්. එෆ්.සී. කණ්ඩායම් තරගාවලියේ අදියර දෙක ජයගත් නමුත් ලකුණු එකතුව මත සී.එච්. සහ එෆ්.සී. පිලට කුසලානය පිරිනැමිණ. මෙවර තරගාවලියේදී මහනුවර කණ්ඩායම නයිජල් රත්වත්ත විසින් මෙහෙයවනු ලබයි. සී.එච්. පිල මෙහෙයවීමේ වගකීම රෝහිත රාජපක්‍ෂට පවරා තිබේ.

මෙවර තරගාවලියේ ශූරතාව දිනාගැනීම සඳහා මෙම කණ්ඩායම් දෙකටම හොඳ අවස්ථාවක් තිබේ.

..


අදහස් (0)

සත් සාමාජික රග්බි හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.