Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අමරා ඉන්දුමතීට මුදල් පරිත්‍යාගයක්

අමරා ඉන්දුමතීට මුදල් පරිත්‍යාගයක්

editorial - 2021 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ටෝකියෝ’  පැරලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් සපුරා ගැනීමේ අපේක්‍ෂාවෙන් මේ වන විට ඩුබායි නුවරදී පැවැත්වෙන තේරීම් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකා අමරා ඉන්දුමතී කරුණාතිලකට ඒ වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීම ඉකුත්දා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.  ඒ සඳහා මැදිහත් වූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුතොට මහතා ඇයට මුදල් ප්‍රදානය සිදුකළේය.

ඩුබායි රාජ්‍යයේදී දැන් පැවැත්වෙන තේරීම් තරගාවලියට සහභාගි වී සිටින ඇය හෙට (10) දුර පැනීම හා මීටර 400 (3යි 47 වැලමිටෙන් පහළ අහිමි කාන්තා) ඉසව් දෙකක් සඳහා තරග වැදීමට නියමිතය. ඇගේ උපන් ගම් පළාත වන මඩුල පොල්ගහගම ග්‍රාමයේ ‘මාරි අරාව’ නම් ක්‍රීඩාංගණය ඇය නමින් නම් කර සංවර්ධනය කිරීම සඳහා මේ වන විට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මෙරට සිටින ප්‍රවීනතම විශේෂ අවශ්‍යතා සහිත මලල ක්‍රීඩිකාවක් වන අමරා ඉන්දුමතී වසර 2012 පැවැති පැරා ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත්තාය. ඇය මේ දක්වා  ජාත්‍යන්තර ජයග්‍රහණ 13  වාර්තා කර තිබේ.

 


අදහස් (0)

අමරා ඉන්දුමතීට මුදල් පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.