Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අප් කන්ට්‍රි ලයන්ස් පිල ගෝල 3-1 කින් ජයගනී

අප් කන්ට්‍රි ලයන්ස් පිල ගෝල 3-1 කින් ජයගනී

ශනුක අරවින්ද - 2019 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සොලිඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 3-1 ක් ලෙස ජය ගැනීමට අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

එහිදී පී.ජේ. එවන්ස් 11 වැනි සහ 93 වැනි (අතිරේක කාලයේදී) අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල ද්විත්වයක් ලබාගත් අතර එම ක්‍රීඩා සමාජයේ එච්.ඒ. චන්ද්‍රරත්නද 18 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත්තේය.

සොලිඞ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට එමානුවෙල් ඉල්හාම් සමත් වූයේ තරගයේ 20 වැනි මිනිත්තුවේදීය.

සොලිඞ් ක්‍රීඩා සමාජයේ ශිවකුමාර් ක්‍රිෂාන්ත් 82 වැනි මිනිත්තුවේදී රතු කාඞ්පතක් ලබා පිටියෙන් ඉවත්ව ගිය අතර අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජයේ ආර්. සරන්රාජ් කහ කාඞ්පතක් ලැබීය.

-036


අදහස් (0)

අප් කන්ට්‍රි ලයන්ස් පිල ගෝල 3-1 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.