Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යයේ නිර්දේශ ලැබෙන තෙක් බලාසිටින බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වස්තුහේවා මහතා ‘ලංකාදීප’යට පැවසීය. පාසල් ක්‍රිකට් තරගාවලි ආරම්භ කිරීමට පාසල් ක්‍රිකට් සංගමය ඉල්ලීමක් කරමින් අධ්‍යාපන අමාත්‍යංයේ ක්‍රීඩා අධ්යක්ෂවරයාගෙන් ලිඛිතව අනුමැතිය ඉල්ලා තිබේ.
“තරගාවලිය ආරම්භ කරන්න ක්‍රීඩකයන් පුහුණුවීම් කරන්න ඕනේ. ඒ සඳහාත් අපි අනුමැතිය ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් පුහුණුවීම් ආරම්භ කරන්න අවසරය මේ දක්වා ලැබී නෑ.. මම හිතන්නෙ එම ඉල්ලීමට නිර්දේශ ලැබෙන්න පාසල් ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම මේ වන විට අපේ ලබන වසරේ තරගාවලි ආරම්භ කිරීමේ කටයුතු ද පහුවෙමින් තිබෙනවා”
“තරගාවලි පිළිබඳව අවසන් තීරණයක් ගන්න වෙන්නේ එම නිර්දේශ මත පදනම්වයි” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
‘කෝවිඞ් 19’ අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මස රට වසා දමන විට වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය අවසන් අදියර දක්වා පැමිණ තිබූ අතර අවම වශයෙන් එම තරගාවලිය හෝ අවසන් කිරීමට පාසල් ක්‍රිකට් සංගමය බලාපොරොත්තුවෙන් සිටින බවද දැනගන්නට තිබේ.
වයස 19 න් පහළ 2020 - 2021 තරගාවලියට ද සැප්තැම්බර් මස සූදානම් වියයුතු වීම නිසා මෙම වසරේ තරගාවලියේ අවසන් කොටස අතහැර දැමීමට බොහෝ දුරට ඉඩ තිබේ.
මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සෙසු වයස් කාණ්ඩ තරගාවලිය අත්හිටුවීමට මීට පෙර පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.