Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පළාත් බැඩ්මින්ටන් ශූරතාව බස්නාහිරට

අන්තර් පළාත් බැඩ්මින්ටන් ශූරතාව බස්නාහිරට

editorial - 2019 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ, මලලසේකර මාවතෙහි පිහිටි වෙළඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය. අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස දකුණු පළාත් කණ්ඩායම පරාජය කරමින් බස්නාහිර පළාත් කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.

අවසන් මහ තරගයේ පිරිමි කේවල, කාන්තා කේවල සහ පිරිමි යුගල තරග ජයගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් වූ අතර දකුණු පළාත් කණ්ඩායමට ජයගත හැකි වූයේ කාන්තා යුගල තරගය පමණි. එම තරග 4 අවසන් වන විටත් සමස්ත තරගයේ ජය බස්නාහිර පළාත් කණ්ඩායමට හිමිවී තිබීම නිසා මිශ්‍ර යුගල තරගය නොපැවැත්වීමට සංවිධායකයෝ පියරව ගත්හ.

ශූරතාව දිනූ බස්නාහිර පළාත් කණ්ඩායම රන්තුෂ්ක කරුණාතිලක, දිනූක කරුණාරත්න, මධූක දුලන්ජන, ක්‍රිෂාන් ධනුෂ්ක, උපුලි සමන්තිකා, ඕෂධි කුරුප්පු, අචිනි රත්නසිරි සහ දිල්මි ඩයස් යන ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත විය.

බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සහ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කළ අතර දිවයිනේ නමගිය ක්‍රීඩකයින් රැසක් මෙහිදී තරග වැදිණි.

-036


අදහස් (0)

අන්තර් පළාත් බැඩ්මින්ටන් ශූරතාව බස්නාහිරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.