Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔන්ඩ්‍රි රසල් නිරෝධායනයේ

ඔන්ඩ්‍රි රසල් නිරෝධායනයේ

යොහාන් භාසුර - 2020 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී (එල්.පී.එල්.) කොළඹ කිංග්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි කැනේඩියානු ක්‍රීඩකයකු ‘කොවිඞ් 19’ ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් සෞඛ්‍ය අංශ අධීක්‍ෂණය යටතේ නිරෝධානය කර ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය තුළ රවීන්ද්‍රපාල් සිංට එල්.පී.එල්. තරගාවලිය අහිමිවේ.

‘කොවිඞ් 19’ ආසාදිත ක්‍රීඩකයා වන කැනේඩියානු ජාතික රවීන්ද්‍රපාල් සිං සහ ඔන්ඩ්‍රි රසල් එකම ගුවන්යානයේ පසුගිය 17 වැනිදා රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. පසුව ඔවුහූ හම්බන්තොට පිටිහි හෝටලයක් තුළ ස්වයං නිරෝධානය වෙමින් සිටියහ.

කටුනායක ගුවන් තොටුපළේදී මෙම දෙදෙනාම පී.සී.ආර්. පරීක්‍ෂණයකට සහභාගි වී ඇති අතර එහි ප්‍රතිඵලය අනුව රසල් ආසාදිතයකු නොවන බව තහවුරු වී තිබේ. රසල් පෙරේදා (19) තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයකට සහභාගි වූ බව දැනගන්නට ඇත.

එල්.පී.එල්. තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ටෙස්ට් සංචිතයේ සිටින ක්‍රීඩකයන් හෙට (22) හම්බන්තොට බලා පිටත්ව යෑමට නියමිතය. එම සංචිතයේ ක්‍රීඩකයන් ද මේ වන විට පී.සී.ආර්. පරීක්‍ෂණ තුනකට පමණ සහභාගි වී තිබේ.


අදහස් (0)

ඔන්ඩ්‍රි රසල් නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.