Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එස්.එස්.සී. - කෝල්ට්ස් අපරාජිතව අවසන් පූර්ව වටයට

එස්.එස්.සී. - කෝල්ට්ස් අපරාජිතව අවසන් පූර්ව වටයට

ශානුක අරවින්ද - 2020 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මූලික වටයේ තරග අවසානයේ අපරාජිත බව රැකගනිමින් වයස 23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වට‍යට සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සමත් විය.

‘ඩී’ කාණ්ඩය‍ යටතේ තරග වැදුණ එස්.එස්.සී. කණ්ඩායම මූලික වටයේදී සහභාගි වූ තරග 6 ම ජයගනිමින් ලකුණු 29 ක් හිමිකරගත් අතර ‘සී’ කාණ්ඩය‍යටතේ තරග වැදුණ කොල්ට්ස් කණ්ඩායම සහභාගි වූ තරග 5 ම ජයගනිමින් ලකුණු 24 ක් හිමිකරගත්තේය.

‘ඒ’ කණ්ඩයෙන් බදුරලිය (ලකුණු 22) ක්‍රීඩා සමාජයත්, ‘බී’ කාණ්ඩයෙන් ලංකන් (ලකුණු 17) ක්‍රීඩා සමාජයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. බදුරලිය කණ්ඩායම තරග 6 කදී ජයග්‍රහණය 5 ක්ද, ලන්කන් කණ්ඩායම තරග 5 කදී ජයග්‍රහණ 3 ක්ද වාර්තා කරමින් එම කාණ්ඩවල පෙරමුණ ගත්හ.

ඒ අනුව හෙට (7 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගවලදී බදුරලිය කණ්ඩායම‍ට එරෙහිව එස්.එස්.සී. කණ්ඩායම එන්.සී.සී. ක්‍රීඩාංගණයේදීද, ලන්කන් කණ්ඩායමට එරෙහිව කෝල්ට්ස් කණ්ඩායම සී.සී.සී. ක්‍රීඩාංගණයේදීද තරග වැදීමට නියමිතය. අවසන් මහ තරගය ලබන 11 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මූලික වටය නිමාවට පත්කරමින් පෙරේදා (4 වැනිදා) පැවැති තරගවලදී ශතක ලබාගැනීමට එස්.එස්.සී. කණ්ඩායමේ නිපුන් ධනංජය (බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව 100) සහ හලාවත මේරියන්ස් කණ්ඩායමේ ‍සනෝජ් දර්ශික (ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව 100) සමත් වූහ.

 

ප්‍රසාද ලකුණු සටහන


අදහස් (0)

එස්.එස්.සී. - කෝල්ට්ස් අපරාජිතව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.