Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්. බී. ෆිනෑන්ස් ලීග් ශූරතාව දිනයි

එල්. බී. ෆිනෑන්ස් ලීග් ශූරතාව දිනයි

රොෂාන් ගුණරත්න - 2019 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සිංගර් ආයතනයේ අනුග්‍රහය ඇතිව වෙළඳ සේවා සංගමය සංවිධානය කළ 27 වැනි වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් හිමිකර ගැනීමට ලක්ෂාන් රුද්‍රිගු නායකත්වය දරණ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම සමත්විය.

අපරාජිතව ලීග් ශූරතාව හිමිකරගත් එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම තරග 6 කට සහභාගිවී ඉන් තරග 3 ක් ජයගත් අතර එම තරග 3 දී අතිරේක ප්‍රසාද ලකුණු 3 ක් ද හිමිකර ගැනීමට ඔවුන් සමත්වූහ. අනෙක් තරග 3 වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුවද ප්‍රසාද ලකුණු 21 ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම සමත්විය.

2017 වසරේදී ‘ඒ’ කොටසේ තරගාවලිය සඳහා උසස්වීමක් ලැබූ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම ඔවුන් සහභාගීවූ දෙවැනි සහ තෙවැනි වසර දෙකෙහිදීම ශූරතාව හිමිකර ගැනීමට සමත්වූහ.

එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම ශූරතාව කරා යෑමේදී පිත්තෙන් දස්කම් දැක්වූ නායක ලක්ෂාන් රොද්‍රිගූ තරග 6 ක ඉනිම 6 කදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 145 ක් රැස්කිරීමට සමත්වූ අතර ධනංජය ද සිල්වා තරග 6 ක ඉනිම 5 කදී ලකුණු 137 ක් රැස්කිරීමට සමත්විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ ශිරාන් ප්‍රනාන්දු එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 11 ක් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්විය. ඊට අමතරව ශෙහාන් ජයසූරිය සහ ළහිරු කුමාර කඩුලු 8 බැගින් දවාගනිමින් එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ.

පළමු වරට වෙළඳසේවා තරගාවලියකට එක්වූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට තරග 6 කට සහභාගිවී ඉන් ජයගැනීමට හැකිවූයේ ඩිමෝ කණ්ඩායමට එරෙහිව පැවැති තරගය පමණි. තරග 3 ක් ඔවුන් පරාජයට පත්වූ අතර තරග 2 ක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

තරගාවලිය ආරම්භයේ සිටම වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට සුපුරුදු දස්කම් අතරට පැමිණිමට අවස්ථාවක් හිමිනොවූහ.

ලීග් තරගාවලිය අවසන්වීමට ජෝන් කීල්ස් සහ ඩිමෝ කණ්ඩායම් අතරද සම්පත් බැංකුව සහ මාස් යුනිචෙලා කණ්ඩායම් අතරද තවත් තරග 2 ක් ඉතිරිව ඇත.

ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන


 


අදහස් (0)

එල්. බී. ෆිනෑන්ස් ලීග් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.