Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.බී.ෆිනෑන්ස් පෙරමුණ ගනී

එල්.බී.ෆිනෑන්ස් පෙරමුණ ගනී

රොෂාන් ගුණරත්න - 2019 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරග 2 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 16 ක් හිමිකරගත් එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැනීමට සමත්විය. තරග 5 කට සහභාගීවූ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම ජයගත් තරග 2 දී අතිරේක ප්‍රසාද ලකුණු 2 ක්ද හිමිකර ගැනීමට සමත්වී ඇති අතර ඔවුන් සහභාගිවීමට නියමිතව සිටි අනෙක් තරග 3 වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

ප්‍රසාද ලකුණු 11 ක් හිමිකරගත් සම්පත් බැංකු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය. තරගාවලියේ තරග 4 කට සහභාගිවී ඉන් තරග 2 ක් ජයගෙන ඇති සම්පත් බැංකු කණ්ඩායම එක් තරගයක් පරාජයට පත්වී ඇති අතර අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

වෙළද සේවා ක්‍රිකට් තරගාවලියට පළමු වරට සහභාගීවන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම දිනේෂ් චන්දිමාල් නියෝජනය කරන ඩිමෝ කණ්ඩායම පරාජයට පත්කළ අතර ඔවුන් මෙම තරගාවලියේදී ලබාගත් පළමු සහ එකම ජයග්‍රහණය එය විය. තරග 4කට සහභාගිවී ඇති ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම තරග 2 ක් පරාජයට පත්වී ඇති අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

ඩිමෝ කණ්ඩායම සහභාගිවූ තරග 3 පරාජයට පත්වී ඇති අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 2 ක් හිමිකරගෙන ඇති ඩිමෝ කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ අන්තිමයා ලෙස රැඳී සිටින්නේය.

එල්.බී.ෆිනෑන්ස්, සම්පත් බැංකුව, මාස් යුනිචෙලා, ජෝන් කීල්ස් සහ හේලීස් යන කණ්ඩායම් අතර ලීග් ශූරතාව දිනාගැනීම සඳහා තියුණු සටනක් පවති. එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායමට තවත් එක් තරගයක්ද, සම්පත් බැංකු කණ්ඩායමට තවත් තරග 2 ක්ද, මාස් යුනිචෙලා, ජෝන් කීල්ස් සහ හේලීස් යන කණ්ඩායම් වලට තවත් තරග 3 බැගින්ද ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම මේ දිනවල බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව ඇති බැවින් දෙවන පෙළ කණ්ඩායමක් ඉතිරි තරග 2 සඳහා ක්‍රීඩා කරනු ඇත.

ඔක්තෝබර් 29 වැනිදා දක්වා ප්‍රසාද ලකුණු සටහන


අදහස් (0)

එල්.බී.ෆිනෑන්ස් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.