Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කායවර්ධන අතුරු කමිටු ලේකම් ඉල්ලා අස්වෙයි

කායවර්ධන අතුරු කමිටු ලේකම් ඉල්ලා අස්වෙයි

නාමල් පතිරගේ - 2019 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු ප්‍රධානියකු සමග ඇතිකර ගත් බව කියන මතභේදයක් හේතුවෙන් ජාතික කායවර්ධන අතුරු කමිටුවේ ලේකම් ශිරෝමි රණවක මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කර ඇතැයි වාර්තා වේ.

කායවර්ධන සම්මේලනය මේ වනවිට ක්‍රියාත්මක නොවන අතර, ඒ වෙනුවට ත්‍රිපුද්ගල අතුරු කමිටුවක් ක්‍රියාත්මක වේ. එහි සභාපතිවරයා වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මහේෂ් ගම්මන්පිල මහතාය. ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇති ලේකම්වරිය ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති නිලධාරිනියක් ලෙසත් කටයුතු කරන්නියකි.

මෙම සිද්ධියේදී ඇයට හා ක්‍රීඩා අමාත්‍යාංශයේ තවත් ඉහළ පෙළේ නිලධාරියකුට බැණවැදුණු බවට එම හිටපු නිලධාරියාට චෝදනා එල්ල වේ.

වසර තුනකට පසුව ශ්‍රී ලංකාව ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට කණ්ඩායමක් සහභාගී කර තිබේ. එහි නිලධාරීන්ගේ පත්කිරීම් ගැන හිටපු නිලධාරියා කායවර්ධන අතුරු කමිටුවට දැඩි ලෙස චෝදනා නගා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

 


අදහස් (0)

කායවර්ධන අතුරු කමිටු ලේකම් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.