Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිංස්වුඩ් - ශාන්ත අන්තෝනි පළඟ ශූරතාවට සටනක

කිංස්වුඩ් - ශාන්ත අන්තෝනි පළඟ ශූරතාවට සටනක

editorial - 2019 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)
සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාඨශාලීය රග්බි තරගාවලියේ පළඟ ශූරතාව සඳහා තරග වදින පාසල් කණ්ඩායම් වලටමෙම සති අන්තය ඉතාමත් තීරණාත්මකය. පළඟ ශුරතාවලියේ සියලු තරඟ තරඟ මේ සති අන්තයේ නිමාවීමට නියමිතය.

මෙවර රග්බි තරඟාවලිය ආරම්භ වීමත් සමග එහි ශූරතාව සඳහා රැඳී සිටීමට හැකි වූයේ ත්‍රිත්ව විදුහලට පමණකි. අනෙකුත් පාසල් රග්බි කණ්ඩායම් වලට පළඟ ශූරතාවය සදහා තරග වැදීමට සිදුවිය.

පළඟ ශූරතාව සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් හතරක් ලබන වසරේ ඒ  කාණ්ඩයේ තරඟ සඳහා තරග සුදුසුකම් ලබන අතර මේ වන විටත් ඒ සඳහා මහනුවර කිංස්වුඩ් විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් සුදුසුකම් ලබා සිටිති. කෙසේ නමුත්මෙවර සිංගර් කුසලාන තරගාවලියේ පළඟ ශූරතාවය මහනුවර රැඳෙන බවටමේ වන විටත් ස්ථිර වී තිබෙන අතර අද (සෙනසුරාදා) නිත්තවල ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත කිංස්වුඩ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර තරගය ජය ගන්නා පිලට මෙවර පළඟ ශූරතාව හිමි වීමට නියමිත ය.

පළඟ ශූරතාව කාට හිමිවුවද ලබන වසරේ ඒ කාණ්ඩයේ තරග ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලැබීමට තවත් කණ්ඩායම් දෙකකට සුදුසුකම් ලැබීමට අවස්ථාව තිබේ. එබැවින් මහනුවර විද්‍යාර්ථ විදුහලත්, ඩී. එස්. සේනානායක විදුහලත්, විදුහල ධර්මරාජ විදුහලත් අතර ඒ සඳහා තියුණු තරගයක් ඇතිව තිබේ.

පළඟ ශූරතාවයේ දෙවැනි  අදියරේ තරග හතරක් සඳහා මුහුණ දී සිටින විද්‍යාර්ථ විදුහල ඉන් තරග දෙකක් ජය ගෙන දෙකත් පරාජය වී තරගයක් ජය පැරදුමෙන් තොරව නිමා කොට ප්‍රසාද ලකුණු 15 ක් ලබා තිබේ. ඩී එස් සේනානායක විදුහල තරග හතරකට මුහුණ දී ඉන් තරග දෙකක් ජය ගෙන දෙකක් පරාජය වී ප්‍රසාද ලකුණු 13 ක් ලබා සිටී. ධර්මරාජ විදුහලද තරග හතරකට මුහුණ දී ඉන් තරග දෙකක් ජයගෙන දෙකක් පරාජය වී ප්‍රසාද ලකුණු 13ක් ලබා ගෙන සිටී.

ඒ අනුව මේ සතිඅන්තයේ කොළඹ දී පැවැත්වීමට නියමිත විද්‍යාර්ථ විදුහලත් ඩී. එස්. සේනානායක විදුහලත් අතර තරගයෙන් විද්‍යාර්ථ විදුහල ජයගතහොත් ඔවුන්ගේ දීර්ඝ කාලයක සිහිනයක්, සැබෑ කරමින්ලබන වසරේ ඒකාණ්ඩයට උසස්වීම් ලබනු ඇත. ඩී එස් සේනානායක විදුහලඑම තරගය ජය ගතහොත් ඔවුන් ඒ කාණ්ඩයට උසස්විම් ලබනු ඇත.
පල්ලේකැලේ   විදුහල්  රග්බි පිටියේ දී අද පැවැත්වීමට නියමිත ධර්මරාජ පිලත් වාරියපොල ශ්‍රී සුමංගල විදුහලත් අතර තරගයෙන්ධර්මරාජ  රාජ පිල ජයගතහොත් ඔවුන් ද ලබන වසරේ ‘ඒ‘ කාණ්ඩයට උසස්වීම් ලැබීමට නියමිතය.


අදහස් (0)

කිංස්වුඩ් - ශාන්ත අන්තෝනි පළඟ ශූරතාවට සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.