Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිරාන් මෝරේටත් කොරෝනා

කිරාන් මෝරේටත් කොරෝනා

editorial - 2021 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පෙරගමන්කරුවකු මෙන්ම කඩුලු රකින උපදේශක කිරාන් මෝරේටත් කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියානු ටෙස්ට්  පිලේ හිටපු කඩුලු රකින්නා මේ වන විට රෝග ලක්ෂණ විද්‍යමාන කර නැතත් ඔහු හුදෙකලා වී සිටී.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හදිසියේම වැඩිවීම හේතුවෙන් මේ මස 30 වැනිදා දක්වා මුම්බායි නගරයට දැඩි සීමා පැනවීමට මහාරාෂ්ඨ ප්‍රාන්ත බලධාරීහු සිකුරාදා පියවර ගත්හ. එහෙත් අයි.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් වලට පුහුණුවීම් කිරීමට අවසර දී තිබේ. ඒ පස්වරු 4.00 සිට 6.30දක්වා කණ්ඩායමක් සහ පස්වරු 7.30 සිට 10.00 දක්වා තවත් කණ්ඩායමක් ලෙසිනි. මේ සඳහා මුම්බායිහි ක්‍රීඩාංගණ දෙකක් වෙන්කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් ලියමින්, මහාරාෂ්ඨ ප්‍රාන්ත රජයේ ආපදා කළමණාකරණ අමාත්‍යංශය විසින් මුම්බායිහිදී වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අයි.පී.එල්. තරග 10 ක් පැවැත්වීමට අවසර දී තිබේ. එහෙත් ඒ ජෛව බුබුල සම්බන්ධයෙන් දැඩි නීතිරීති ඇතිවය. මෙම තරග 10 න් තරග 9 ක් ම රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා කියා සිටියේ මුම්බායි තරග පැවැත්වෙන දිනයන් වෙනස් නොවන බවයි.

- 213

 


අදහස් (0)

කිරාන් මෝරේටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.