Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට ලක්‍ෂ 150 ක්

ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට ලක්‍ෂ 150 ක්

යොහාන් භාසුර - 2020 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොරෝනා’ වෛරසයේ අවදානම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් මිලියන 15 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 150 ක් පිරිනමා තිබේ. මෙම මුදලින් ‘කොරෝනා’ වයිරස් ආසාදිතයන් හඳුනාගැනීම් පරීක්‍ෂණය වන පී.සී.ආර්. පරීක්‍ෂණ යන්ත්‍රයක් ඇතු`ඵ පරීක්‍ෂණ උපකරණ මිලදී ගැනීමට නියමිතය.


මෙම දැවැන්ත මුදල පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ක්‍රීඩා අමාත්‍යංශය කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රදානය කළ බවයි.


“ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව යථා තත්ත්වයට පත්කිරීමට නම් මෙම මිල අධික උපකරණ අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ නිසා ජාතික වගකීමක් ලෙස සළකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල පිරිනැමුවා”


“මම හිතන්නේ පී.සී.ආර්. යන්ත්‍රයක් රුපියල් මිලියන හයක් හතක් වෙනවා. ඊට අමතරව පරීක්‍ෂණ ඇඳුම් කට්ටල වගේ මිල අධික උපකරණත් අවශ්‍ය වෙනවා. ක්‍රීඩා අමාත්‍යංශය එම උපකරණ මිලදී ගෙන ක්‍රීඩා වෛද්‍ය ආයතනයට බාරදීමට නියමිතයි” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.


ක්‍රිකට්, රග්බි සහ පාපන්දු යන ජාතික සංචිතවල පුහුණුවීම් ලබන ජූනි මස 01 වැනිදා ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් පමණක් ලබන 01 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. ජාතික සංචිතවල පුහුණුවීම් ආරම්භ කිරීමත් සමඟ සෑම ක්‍රීඩකයෙක්ම පී.සී.ආර්. පරීක්‍ෂණ දෙකකට යොමු කිරීමට ක්‍රීඩා වෛද්‍ය ආයතනය නිර්දේශ කර තිබේ.   


ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ යන්ත්‍රය ඇතු`ඵ මෙම වෛද්‍ය උපකරණ ලබන 26 වැනිදා පෙරවරුවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයට බාරදීමට නියමිතව තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මාසයේදී තවත් රුපියල් ලක්‍ෂ 250 ක් ‘කොරෝනා’ අරමුදලට පිරිනැමීය.


අදහස් (0)

ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට ලක්‍ෂ 150 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.