Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොරෝනා එන්නත

ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොරෝනා එන්නත

editorial - 2021 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයට එරෙහි එන්නත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබන ඉරිදා (11) ලබා දීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. මේ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඔවුන්ට ලබා දෙනු ඇත.

එහි පළමු මාත්‍රාව මෙලෙස ලබා දීමට සැලසුම් කර ඇති බවත් තවත් සති 8 ත් 12 ත් අතර කාලයකදී එහි දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කරනු ඇත.

ටෙස්ට් සහ එක්දින තරග සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩකයින්ට අමතරව සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයන්ටද මෙම එන්නත ලබන ඉරිදා ලබාදෙන බව සිල්වා මහතා පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කොදෙව් තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණ ඇති අතර, මේ මස 21 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියකට ඔවුන් එක්වීමට නියමිතව ඇත.

- 2079


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොරෝනා එන්නත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.