Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් නිලවරණය කමිටු සභාපති විනිසුරු මාලනී

ක්‍රිකට් නිලවරණය කමිටු සභාපති විනිසුරු මාලනී

editorial - 2021 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයේ (2021) කටයුතු මෙහෙයවීම සඳහා පත්කළ නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණයේ විශ්‍රාමික විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය පත්ව සිටින්නීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව පත්කිරීම වෙනුවෙන් විශේෂ මහ සභා රැස්වීමක් පසුගියදා පැවැත්විණි.

ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහාධිකරණයේ විශ්‍රාමික විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය සහ විශ්‍රාමික අමාත්‍ය ලේකම්වරයකු වන ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක මහතා පත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 31 වැනිදා හෝ ඊට පෙර පැවැත්විය යුතු අතර මෙතැන් සිට නිලවරණයේ සියලු කටයුතු මෙහෙයවීමේ වගකීම නිලවරණ කමිටුවට පැවරෙයි.  

- 048

 


අදහස් (0)

ක්‍රිකට් නිලවරණය කමිටු සභාපති විනිසුරු මාලනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.