Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුගතදාස පිටියේදී අද (20) පැවැති ආසියානු සම්මේලන ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ පළමු අදියරේ තරගයක දී කොළඹ ක්‍රීඩා සමාජය විසින් සංචාරක භූතාන ප්‍රවාහන ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 7-1 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් විය.
එහිදී කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායමේ මොහොමඞ් අෆීබ් හා එහි විදේශීය ක්‍රීඩක ටී.එම්. දිනිත්‍රි ගෝල ත්‍රිත්වයක් බැගින් ලබමින් ඉහළම දස්කම් දැක්වීය. තරගයේ පළමු භාගය ගෝල 4-0 ක් ලෙස කොළඹ පිල පෙරමුණේ පසුවෙමින් එම පහසු ජය ලැබීය.
දෙපිල අතර පළමු අදියර තරග වටයේ සෙසු තරගය මෙම 27 වැනිදා භූතානයේ තිම්පු නුවර දී පැවැත්වේ. තරග දෙකේම ප්‍රතිඵල සළකා ඉහළම දක්‍ෂතා පළ කරන කණ්ඩායම තරගාවලියේ අවසන් වටයට තෝරා ගැනේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.