Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොරෝනා මර්ධනයට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 250 ක්

කොරෝනා මර්ධනයට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 250 ක්

යොහාන් භාසුර - 2020 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

 
ශ්‍රී ලංකාව ඇතුඵ සමස්ත ලෝකයම දැඩි ව්‍යාකුළ තත්ත්වයකට පත්කර ඇති ‘කොරොනා’ වයිරසය මර්ධනයට මූල්‍යමය සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 250 ක් ප්‍රදානය කිරීමට තීරණ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මෙම මුදල හැකි ඉක්මනින් රජයට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

“විධායක කමිටුවට පුද්ගලයන් ලෙස රැස්වීමට අවස්ථාව නැති වුණත් අපි ඊමේල් ඔස්සේ තොරතුරු හුවමාරු කරගන්නවා. ඒ අනුව මෙම යෝජනාව අපි ඊමේල් ඔස්සේ විධායක කමිටුවට ඉදිරිපත් කරලා අනුමැතිය ලබාගත්තා”

“අප රට මුහුණ දුන් සෑම මෙවැනි ජාතික ඛේදජනක අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහයෝගය දක්වලා තියෙනවා. ක්‍රිකට් විධායක කමිටුව හිතන්නේ එය ජාතික වගකීමක් කියලය. ඒ නිසා අපි මේ තීරණයට එළඹියේ” යැයි ශම්මි සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

 

අදහස් (0)

කොරෝනා මර්ධනයට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 250 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.