Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඩුලු රකින්නාට වසර 6 ක තහනමක්

කඩුලු රකින්නාට වසර 6 ක තහනමක්

editorial - 2020 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමේ චෝදනා හතරක් පිළිගත් ඇෆ්ගනිස්ථාන පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකුද වන ෂෆිකුල්ලා ෂෆාක්ට වසර හයක තහනමක් පැනවූ බව ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් මණ්ඩලය පවසයි. 2018 දී ආරම්භ වූ ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම විස්සයි 20 තරගාවලියේදී නන්ගර්හාර් ලෙපර්ඞ් සහ, 2019 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේදී ෂිලාත් තන්ඩර් යන කණ්ඩායම් නියෝජනය කළ ෂෆාක් දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමේ චෝදනා වලට ලක්ව සිටී.
 
30 හැවිරිදි ෂෆාක්, 2009 දී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර ගත් ක්‍රීඩකයෙකි. එක්දින තරග 24 ක් සහ විස්සයි-20 තරග 20 ක් ක්‍රීඩා කර ඇති ඔහුට වසර 6 ක කාලයක් යන තුරු සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කරනු ලැබ ඇත.
“මෙය ඉතා බරපතළ වරදක්.”

“ඉහළ පෙළේ ක්‍රීඩකයෙක් ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දූෂණ විරෝධී පනත උල්ලංඝණය කරලා තියෙනවා” යැයි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී කළමනාකරු සයීඞ් අන්වර් ෂා කුරෙයිෂි මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

“එමෙන්ම තවත් ඉහළ පෙළේ තරගයකදී තම කණ්ඩායමේ සාමාජිකයෙකු දූෂණ විරෝධී වැඩ වලට ලක් කිරීමටත් ඔහු උත්සාහ කළ නමුත් එහිදී අසමත්වී තියෙනවා.. .. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයට අනාවරණය නොවනු ඇතැයි සිතන සියලුම ක්‍රීඩකයින්ට එය අනතුරු ඇඟවීමක්” යැයි ද කුරෙයිෂි මහතා වැඩිදුරටත් පැවසීය.

ෂෆාක් ඔහුගේ වරද පිළිගැනීම සහ සහයෝගය දැක්වීම දිගු තහනමක් වළක්වා ගැනීමට ඉවහල් වූ නමුත් තරුණ ක්‍රීඩකයින්ට ඔහුගේ වැරදිවලින් පාඩම් ඉගෙන ගැනීමට අවස්ථාව ඇතැයිද, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපන වැඩසටහන් සඳහා ඔහු සහාය වනු ඇති බවද කුරෙයිෂි මහතා පැවසීය.

- 2079

අදහස් (0)

කඩුලු රකින්නාට වසර 6 ක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.