Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගෝ කාට් තරග ජනවාරි 13 - 14

ගෝ කාට් තරග ජනවාරි 13 - 14

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘එක්ස්30’ ආසියානු කුසලාන ජාත්‍යන්තර ගෝ කාට් තරගාවලිය ජනවාරි මස 13 සහ 14 යන දිනවලදී බණ්ඩාරගම පිහිටි ශ්‍රී ලංකා කාර්ටින් ධාවන පථයේදී පැවැත්වේ. එක්ස්30 ගෝ කාට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙන්ම අග්නිදිග ආසියාවෙන් පිටතදී එවන් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වේ.

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘එක්ස්30’ තරගාවලිය, වට 6 කින් සමන්විතය. 2018 වසරේ ආසියානු කුසලාන ගෝ කාට් තරගාවලියේ ආරම්භක තරගාවලිය ලෙස හැදින්වෙන අතර එහි ඉතිරි අදියර කිහිපය සිංගප්පූරුවේදී සහ මැලේසියාවේදී පැවැත්වේ.

සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය සංවිධායන කරන මෙම තරගාවලියට ආසියානු සහ යුරෝපීය රටවල් 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින්ද ක්‍රීඩකයන් 80 ක් පමණ සහභාගි වීමට නියමිතය.

මෙම තරගාවලියේදී කාණ්ඩ 5 ක් යටතේ තරග පැවැත්වේ. එහිදී වයස 8 සිට 12 දක්වා තරගකරුවන් ‘ආධුනික’ කණ්ඩය යටතේද, වයස 12 සිට 14 දක්වා තරගකරුවන් ‘කනිෂ්ඨ’ කණ්ඩය යටතේද, වයස 14 සිට 30 දක්වා තරගකරුවන් ‘ජ්‍යෙෂ්ඨ’ කණ්ඩය යටතේද, වයස 30 ට වැඩි තරගකරුවන් ‘ප්‍රවීණ’ කණ්ඩය යටතේද තරගාවලියට සහභාගි වීමට නියමිත අතර එහි විවෘත තරගය පැවැත්වෙන්නේ ‘සුපර් ශිෆ්ට්’ කාණ්ඩය යටතේය.


- 036

 


අදහස් (0)

ගෝ කාට් තරග ජනවාරි 13 - 14

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.