Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගයන්තිකා මීටර් 800 හයවැනි තැනට

ගයන්තිකා මීටර් 800 හයවැනි තැනට

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ අද (28 වැනිදා) පැවැති මීටර් 800 කාන්තා ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න, එහි 6 වැනි ස්ථානයට පත් වූවාය. ඇයට අවසන් තරගය නිමා කිරීම සඳහා ගත වූ කාලය විනාඩි 2:05.50 කි. 

මූලික වටයේ තෙවැනි තරගයට සහභාගි වූ ගයන්තිකා, එහිදී විනාඩි 2:06.31 ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තාය. ඒ අනුව ඇගේ මූලික වටයේ තරග නිමි කාලයට වඩා අවසන් තරගයේ තරග නිමි කාලය තත්පර 0.81 කින් අඩු වී තිබේ. 

එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට චීනයේ චුන්යු වැන්ග් සමත් වූ අතර අවසන් තරගය නිමා කිරීම සඳහා ඇයට ගත වූ කාලය විනාඩි 2:01.80 කි. එහි රිදී පදක්කම කසකස්තානයේ මාගරීටා මුකෂේවා (විනාඩි 2:02.40) විසින්ද, ලෝකඩ පදක්කම බහරේනයේ මැනෙල් එල්බරාවෝයි (විනාඩි 2:02.69) විසින්ද දිනාගනු ලැබූහ. 

-036


අදහස් (0)

ගයන්තිකා මීටර් 800 හයවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.