Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 79 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය හෙට (13 වැනිදා) සිට 17 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, හෙළ, කැෂුවල් ලයින්, ලීනියා, සිලුවේටා, යුනිචෙලා, තුරුලි වැනි දිවයිනේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 125 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 37 දෙනෙක් ඉදිරිපත්වී සිටිති.
ඔවුන් සියලු දෙනාම මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, ජාතික කනිෂ්ඨ සහ ස්ටබ්ස් පළිහ වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.
මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා යන අංශ දෙක සඳහාම බර පංති 10 යටතේ විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත තරග පැවැත්වේ. මෙම වසරේ දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමද මෙම තරගාවලියේදී තෝරාගැනීමට නියමිතය.
ඉකුත් වසරේ (2018) පැවැති ලේටන් කුසලාන තරගාවලියේදී ගුවන් හමුදාව නියෝජනය කළ ජීවන් කුමාර දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, යුද හමුදාව නියෝජනය කළ එල්.ජී. චන්ද්‍රිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ. යුද හමුදාවේ නුවන් කුමාර සහ පී.කේ.ආර්. කෞෂල්‍යා පිළිවෙලින් එවර දක්ෂතම පරාජිතයා සහ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව බවටද පත් වූහ.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට විශේෂ කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.