Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාත්‍රී තරගාවලියට අයැදුම්පත් කැඳවයි

රාත්‍රී තරගාවලියට අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ශ්‍රී ලංකා සුපර් සීරිස්’ ශූරතාවලියේ පස්වැනි අදියර ලෙස පැවැත්වෙන පන්නල දිවා-රාත්‍රී මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියට අයැඳුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබේ. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 8 වැනිදා පස්වරු 3.00 සිට පන්නල ස්පීඞ් ඩ්‍රෝම් ධාවන පථයේදී පැවැත්වේ.  

දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන එම්. කාණ්ඩයේ නවීකරණය කළ සහ නොකළ සුපිරි යතුරුපැදි තරගද ඇතුළත්ව ඉසව් 21 කින් මෙම තරගාවලිය සමන්විත වේ. ඊට මෝටර් රථ තරග 11 ක් සහ යතුරුපැදි තරග 10 ක් ඇතුළත්ය.

තරගාවලියට සහභාගි වන තරගකරුවන්ට ඒ සඳහා අවශ්‍ය ඇයැදුම්පත් නො.128, හයිලෙවල් පාර, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගම් මූලස්ථානයෙන් පෙරවරු 9.00 ත් පස්වරු 4.00 ත් අතර ලබාගත හැකිය. ඇයැදුම්පත් බාර ගැනීම සැප්තැම්බර් මස 1 වැනිදායින් අවසන් වේ.

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය සහ කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.

ඡායරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

රාත්‍රී තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.