Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුපුන් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වෙයි

යුපුන් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වෙයි

නාමල් පතිරගේ - 2020 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජර්මනියේදී පසුගිය 8 වැනිදා නිමාවට පත්වූ විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 (පිරිමි) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් සමත් විය.

තත්පර 10.16කට ඔහු පෙරේදා මීටර් 100 (පිරිමි) ඉසව්ව ජය ගන්නා විට මීට පෙර එහි ශ්‍රී ලංකා වාර්තාවට හා දකුණු ආසියානු (සාග්) වාර්තාවට (තත්පර 10.22) හිමිකම් කී හිමාෂ ඒෂාන්ගේ එම වාර්තා දෙකම බිඳ වැටුණි.​ මෙය මෙතෙක් දකුණු ආසියානු කලාපයේ ක්‍රීඩකයකු මීටර් 100 ඉසව්ව සඳහා වාර්තා කළ හොඳම නිමි කාලය ද වේ.

ජර්මනියේ ඩයාසු නගරයේදී පැවැති මෙම ජාත්‍යන්තර විවෘත ලෝකඩ ශ්‍රේණිගත තරගාවලියේදී යුපුන්ගේ දස්කම් කැපී පෙනුණේ ඊට තරග වැදුණු ජර්මනියේ කෙටි ධාවන ශූරයා වන ඩෙනිස් අල්මාස් දෙවැනි තැනට පත් කරමින් ඔහු ලැබු ජයයි.

අල්මාස්ගේ මෙම ඉසව්වේ හොඳම දක්ෂතාව ජර්මන් ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීට පෙර ප්‍රදර්ශනය වූයේ තත්පර 10.08ක් පරිදිය. ඒ අනුව පෙරේදා දක්ෂතාවට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් මීටර් 100 පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 30 ස්ථානයට පැමිණ සිටියි.

මේ වනවිට ඉතාලියේ රෝම නගරයේ නේවාසික පුහුණුවීම් හදාරමින් සිටින යුපුන් අබේකෝන් අවසන්  වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය දෙසැම්බර් මාසයේ කත්මන්ඩු නුවරදී පැවති 13 වැනි සාෆ් ක්‍රීඩා උලෙලේදී රන් පදක්කම දිනා ගත් මීටර් 4x100 ශ්‍රී ලංකා (පිරිමි) සහය දිවීමේ කණ්ඩායමට (තත්පර 39.14ට) නියෝජනය කළේය. පෙරේදා තරගාවලියේදී මූලික වටය නිමා කිරීමට යුපුන් ගත් කාලය තත්පර 10.23කි. වසර 2015 පැවැති ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේදී යුපුන් තරග වැදුණු ශ්‍රී ලංකා මීටර් 4x100 සහය දිවීමේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා කණ්ඩායම ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. ඔහු වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ආදි සිසුවෙකි.

‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙලේ සුදුසුකම් මත නියෝජනය සඳහා මීටර් 100 (පිරිමි) ඉසව්ව සඳහා ක්‍රීඩකයකු අවම තත්පර 10.05ක දක්ෂතාවක් පළ කළ යුතුය.


අදහස් (0)

යුපුන් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.