Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද - නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුපිරි ලිග් වොලිබෝල් ශූරතා දිනති

යුද - නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුපිරි ලිග් වොලිබෝල් ශූරතා දිනති

නාමල් පතිරගේ - 2019 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරුණසේවා - රූපවාහිනී සුපිරි ලිග් වොලිබෝල් කාන්තා ශූරතාව නාවික හමුදා කණ්ඩායම විසින්ද, එහි පිරිමි ශූරතාව යුද හමුදා කණ්ඩායම විසින් ද ඊයේ (6) පස්වරුවේදී දිනා ගැනීමට සමත් විය.

ඒ මහරගම තරුණසේවා ගෘහස්ථ පිටියේදී ඊයේ පැවැති 33 වැනි තරුණසේවා - රූපවාහිනී අභියෝග ශූරතා සුපිරි ලීග් වොලිබෝල් තරග මාලාවේ සුපිරි ලීග් අවසන් මහ තරගය ජය ගනිමිනි. සුපිරි ලීග් පිරිමි අවසන් මහ තරගය ඉතා තියුණු මුහුණුවරකින් පසුව වට 3-2 කින් ජය ගැනිමට යුද හමුදා ක්‍රිඩකයෝ සමත්වුහ.


මෙවර එම තරගාවලිය සඳහා මාලදිවයිනේ කණ්ඩායම් දෙකක්ද ඇතුළුව දිවයිනේ ප්‍රබලතම කාන්තා හා පිරිමි කණ්ඩායම් 12ක් සහභාගි වූහ.

තරුණසේවා සභාවේ ලියාපදිංචි යොවුන් ක්‍රීඩා සමාජ කණ්ඩායම් ගැටුණු අභියෝග ශූරතා කාන්තා අවසන් මහ තරගය පුත්තලම රතනපාල කණ්ඩායම ඉතා පහසුවෙන් ජය ගත්තත්, එහි පිරිමි අවසන් මහ තරගය තියුණු මුහුණුවරක් ගත්තේ වට හතරක් දක්වා ඇදී යාමෙනි.

එහිදී ශූරතාව දිනා ගත්තේ කෑගල්ල රන්තරු කණ්ඩායම විසිනි. ජාතික තරුණසේවා සභාව ජාතික රූපවාහිනී සංස්ථාවේ සහයෝගයෙන් මෙවර තරග මාලාව සංවිධානය කළේය.

මේ අතර තරග මාලාවේ දක්ෂතම ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් සිව් දෙනාට ප්‍රකාශ වූ පරිදි ත්‍යාග ලෙස යතුරුපැදි ප්‍රදානය නොවුණි. ඊට හේතු වු බව වාර්තා වූයේ අනුග්‍රාහකයන්ගේ ඉවත්වීමය.
 

අවසන් මහ තරග ප්‍රතිඵල

(අභියෝග ශූරතා කුසලාන)
කාන්තා:- පුත්තලම රතනපාල යෞවන සමාජ පිල විසින් හම්බන්තොට පුබුදු -විජයබා යෞවන සමාජ පිල වට 3-0කින් පරාජය කරන ලදී (25/06, 25/09 - 25/19).

පිරිමි:- කෑගල්ල “රන්තුරු” යෞවන සමාජ පිල විසින් ගම්පහ දිලෙනතරු යෞවන සමාජ පිල වට 3-1කින් පරාජය කරන ලදී. (26/24 - 21/25, 25/16 - 25/23)


(සුපිරි ලීග් කුසලාන)
කාන්තා:- නාවික හමුදා පිල විසින් ගුවන් හමුදා පිල වට 3-1කන් පරාජය කරන ලදී (25/13 - 25/19 - 24/26, 25/16)

පිරිමි:- යුද හමුදා පිල විසින් ගුවන් හමුදා පිල වට 3-2 කින් පරාජය කරන ලදී. (25/16- 22/25- 26/28- 25/19 - 18/16)

තරග මාලාවේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්
අභියෝග ශූරතා - දක්ෂතම ක්‍රීඩිකාව - ඒ.එස්. සෙව්මිණි (පුත්තලම රතනපාල), දක්ෂතම ක්‍රීඩකයා - සචින්ත රවිෂාන් ගුණරත්න (කෑගල්ල රන්තරු)

සුපිරි ලීග් ශූරතා - දක්ෂතම ක්‍රීඩිකාව - කවිෂා ලක්ෂානි පෙරේරා (නාවික හමුදාව), දක්ෂතම ක්‍රීඩකයා - ලක්ෂාන් කැලණියගේ (යුද හමුදාව).


අදහස් (0)

යුද - නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුපිරි ලිග් වොලිබෝල් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.