Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාව - මාස් කැෂුවලයින් ශූරතා දිනති

යුද හමුදාව - මාස් කැෂුවලයින් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරුණ සේවා රූපවාහිනී වොලිබෝල් තරගමාලාවේ සුපිරි ලීග් අවසන් මහ තරග දෙකටම තේරුණු යුද හමුදා කණ්ඩායම් අතරින් පිරිමි කණ්ඩායම සුපිරි ලීග පිරිමි ශූරතාව දිනාගැනීමට සමත් විය. සුපිරි ලීග් කාන්තා ශූරතාව දිනාගත්තේ මාස් කැෂුවලයින් කණ්ඩායම විසිනි.

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවති මෙම තරගමාලාවේ කුසලාන තරගාවලියේ කාන්තා ශූරතාව කෑගල්ල, බෝයගම සිරිපැරකුම් යෞවන සමාජ කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. පිරිමි ශූරතාව හම්බන්තොට, තලහගම්වාඩුව එකමුතු යෞවන සමාජ කණ්ඩායමටත් හිමිවිය. පුත්තලම රතනපාල යොවුන් සමාජයට ගියවර මෙන්ම මෙවරත් සිදුවූයේ අභියෝග ශූරතා කාන්තා අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමටය.

මෙවර තරගමාලාව 32වැනි වරටත් ජාතික තරුණ සේවා සභාවේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණි. අභියෝග ශූරතා තරගාවලියට දිවයින පුරා කණ්ඩායම් 1850 ක් තරග වැදුණු බව ජාතික තරුණ සේවා සභාවේ ප්‍රචාරක නිලධාරී අනිල් සිරිවර්ධන මහතා පවසයි.

මෙවර තරගමාලාවේ සුපිරි ලීග කාන්තා හා පිරිමි තෙවැනි ස්ථාන පිළිවෙළින් ගුවන් හමුදා කණ්ඩායමට හා තරුණ සේවා කණ්ඩායමටත්, අභියෝග ශූරතා තෙවැනි ස්ථාන කළුතර, මොරගොල්ල යොවුන් සමාජයට (කාන්තා) හා අම්පාර සුපර් කින්ග්ස් යොවුන් සමාජයටත් (පිරිමි) හිමිවිය.

මෙවර තරගාවලියේ සුපිරි ලීග දක්ෂතම ක්‍රීඩකයා වූ යුද හමුදා ක්‍රීඩක ලියොන් කොළඹගේට හා එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ මාස් කැෂුවලයින් ක්‍රීඩිකා ආර්.ඒ.චතුනිට රුපියල් 25,000 ක් හා යතුරුපැදියක් බැගින් ත්‍යාග ලෙස ප්‍රදානය කෙරුණි. සුපර් ලීග කාණ්ඩයේ ශූරයන් හා ශූරියන්ට රුපියල් ලක්ෂයේ සිටද, අභියෝග ශූරතා කාණ්ඩයේ ශූරියන්ට රුපියල් 50000 සිටද ත්‍යාග මුදල් ප්‍රදානය කෙරුණි.

මෙම තරගමාලාවේ සංවිධාන කටයුතු මෙහෙයවීම තරුණ සේවා නිලධාරී සිරිමල් ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

පසුගිය වසරේදී කාන්තා සුපර් ලීග ශූරතාව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින්ද, පිරිමි සුපර්ලීග ශූරතාව විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය විසින්ද දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජේරත්න මහතා ඇතුළු තවත් විශේෂ ආරාධිත අමුත්තෝ පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.


32 වැනි තරුණ සේවා රූපවාහිනී වොලිබෝල් තරගමාලාවේ අවසන් මහ තරග ප්‍රතිඵල හා විශේෂ සම්මාන
සුපිරි ලීග කාණ්ඩය

පිරිමි අවසන් තරගයේදී යුද හමුදා කණ්ඩායම විසින් ගුවන් හමුදා කණ්ඩායම වට 3/0කට පරාජය කරන ලදී. (25/23, 29/27, 25/20)
■    දක්ෂතම පන්දු පිරිමන්නා - අමේෂ් කසුන් ඩයස් (යුද හමුදාව),
■    දක්ෂතම පන්දු ලබා ගන්නා - හර්ෂ ද සිල්වා (යුද හමුදාව),
■    දක්ෂතම පන්දු ඔසවන්නා - ඩබ්.ජී. මහේෂ් (යුද හමුදාව),
■    දක්ෂතම පන්දු ප්‍රහාරකයා - එස්.ටී. මධුෂාන් (යුද හමුදාව),
■    දක්ෂතම පන්දු වළක්වන්නා - දිල්ෂාන් අබේරත්න (යුද හමුදාව),
■    දක්ෂතම පන්දු ආරක්ෂා කරන්නා - වයි.ජී.එස්. ද සිල්වා (ගුවන් හමුදාව)
■    දක්ෂතම ක්‍රීඩකයා - ලක්ෂාන් කැලණියගේ (යුද හමුදාව)


කාන්තා අවසන් තරගයේදී මාස් කැෂුවලයින් කණ්ඩායම විසින් යුද හමුදා කණ්ඩායම වට 3/0කින් පරාජය කරන ලදී. (25/17, 29/20, 25/14)
■    දක්ෂතම පන්දු පිරිනමන්නිය - එච්.කේ.ජී.එල්. හේරත් (මාස් කැෂුවලයින්),
■    දක්ෂතම පන්දු ලබා ගන්නිය - තක්ෂිලා මධුරංගි (මාස් කැෂුවලයින්),
■    දක්ෂතම පන්දු ඔසවන්නිය - සංජීවනී වික්‍රමසිංහ  (මාස් කැෂුවලයින්),
■    දක්ෂතම ප්‍රහාරිකාව - තිළිණි වාසනා පෙරේරා (යුද හමුදාව),
■    දක්ෂතම පන්දු වළක්වන්නිය - දීපිකා බණ්ඩාර (මාස් කැෂුවලයින්),
■    දක්ෂතම පන්දු ආරක්ෂා කරන්නිය - ඡායා සංජීවනී (මාස් කැෂුවලයින්),
■    දක්ෂතම ක්‍රීඩිකාව - ආර්.ඒ.ඒ. චතුනි (මාස් කැෂුවලයින්)

 

අභියෝග ශූරතා කාණ්ඩය
පිරිමි අවසන් තරගයේදී තලගහම්වාඩුව එකමුතු යොවුන් සමාජ කණ්ඩායම විසින් රුවන්වැල්ල රාජසිංහ යොවුන් සමාජ කණ්ඩායම වට 3/1 කට පරාජය කරන ලදී (22/25, 26/24, 25/22, 28/26)
■    දක්ෂතම පන්දු පිරිනමන්නා - සංඛ දිල්ෂාන් ජයරත්න (රාජසිංහ),
■    දක්ෂතම පන්දු ලබා ගන්නා - සුපුන් තාරක (එකමුතු),
■    දක්ෂතම පන්දු ඔසවන්නා - දිල්ෂාන් රුවන් කුමාර (එකමුතු),
■    දක්ෂතම ප්‍රහාරකයා - රංගන සම්පත් (එකමුතු),
■    දක්ෂතම පන්දු වළක්වන්නා - විමුක්ති ඩක්ෂාන් ජයසිංහ (රාජසිංහ),
■    දක්ෂතම පන්දු  ආරක්ෂා කරන්නා - තරුෂ සන්දීප (එකමුතු)
■    දක්ෂතම ක්‍රීඩකයා -  යූ.ජී. එරංග (එකමුතු)

කාන්තා අවසන් තරගයේදී කෑගල්ල බෝයගම සිරිපැරකුම් යෞවන සමාජ කණ්ඩායම විසින් පුත්තලම රතනපාල යෞවන සමාජ කණ්ඩායම වට 3/1කින් පරාජය කරන ලදී.  (25/11, 24/26, 25/22, 25/08)
■    දක්ෂතම ක්‍රීඩිකාව හා දක්ෂතම පන්දු පිරිනමන්නිය - නිමේෂා සෙව්වන්දි ගුණවර්ධන (සිරිපැරකුම්).
■    දක්ෂතම පන්දු ලබා ගන්නිය - කාවින්දි අසන්තිකා ගල්කොටුව (සිරිපැරකුම්),
■    දක්ෂතම පන්දු ඔසවන්නිය - සුනේත්‍රා පියදර්ශනී විජේසිංහ (සිරිපැරකුම්),
■    දක්ෂතම ප්‍රහාරිකාව - ප්‍රීතිකා ප්‍රමෝදිනි (රතනපාල),
■    දක්ෂතම පන්දු වළක්වන්නිය - ප්‍රීතිකා ප්‍රමෝදිනී (රතනපාල),
■    දක්ෂතම පන්දු ආරක්ෂාකරන්නිය - මධුෂිකා හර්ෂනී (රතනපාල)

 

සුපර්ලීග් පිරිමි ශුරතාව යුධ හමුදා කණ්ඩායම් නායකයා ශුරතා කුසලානය ලබා ගනිමින්...

සුපර්ලීග් කාන්තා ශුරතාව මාස් කැෂුවලයින් කණ්ඩායම් නායකයා ශුරතා කුසලානය ලබා ගනිමින්...

 


අදහස් (0)

යුද හමුදාව - මාස් කැෂුවලයින් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.