Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුදහමුදාව - මේරියන්ස් - එන්.සී.සී - එස්.එස්.සී අ.අ.පූ. වටයට

යුදහමුදාව - මේරියන්ස් - එන්.සී.සී - එස්.එස්.සී අ.අ.පූ. වටයට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට යුදහමුදාව, හලාවත මේරියන්ස්, එන්.සී.සී, එස්.එස්.සී සහ සී.සී.සී යන කණ්ඩායම් අද (12 වැනිදා) සමත්වූහ.

‘බී’ සහ ‘සී’ කාණ්ඩයන්හී මූලික වටයේ තරග අද අවසන් වූ අතර ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩයන්හී මූලික වටයේ තවත් තරග 12 ක් මේ මස 14 සහ 15 යන දින වලදී පැවැත්වීමට නියමිතව ඇත. ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩයන්ගෙන් තරග කරන කණ්ඩායම් සංඛ්‍යාව අනෙක් කාණ්ඩ වලට වඩා එකක් වැඩි බැවින් ඔවුන්ගේ මූලික වටයේ තරග සංඛ්‍යාව වැඩිවේ.

ඒ අනුව ‘බී’ සහ ‘සී’ කාණ්ඩයන්ගෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 14 සහ 15 යන දින වලදී තීරණය වනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග 17 වැනිදා පී.සරවනමුත්තු සහ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව වටයේ තරග 19 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහ තරගය 21 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මූලික වටයේ දින 5 ක් අවසන් වන විට ශතක 3 ක් වාර්තා වූ අතර කුරුණෑගල යොවුන් පිලට එරෙහිව හලාවත මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරියත්, ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව සැරසන්ස් පිලේ අෂේන් බණ්ඩාර සහ මහනුවර කස්ටම්ස් පිලට එරෙහිව නුගේගොඩ පිලේ ඉරෝෂ් සමරසූරිය ශතක වාර්තා කිරීමට සමත්වූහ.

තරග 5 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 259 ක් රැස්කළ මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරිය මේ වනවිට වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්වී ඇති අතර තරග 5 කදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 236 ක් රැස්කළ සැරසන්ස් පිලේ මිලින්ද සිරිවර්ධන දෙවැනි සථානයට පත්වී ඇත.

තරග 5 බැගින් ක්‍රීඩාකළ හලාවත මේරියන්ස් පිලේ අසිත ප්‍රනාන්දු, සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර,ගුවන් හමුදා පිලේ ලසඳ රුක්මාල් සහ එම කණ්ඩායමේම සංජය රණවීර කඩුලු 12 බැගින් දවාගනිමින් විස්සයි20 තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්වූහ.

 

 


අදහස් (0)

යුදහමුදාව - මේරියන්ස් - එන්.සී.සී - එස්.එස්.සී අ.අ.පූ. වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.