Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැරතන් - පාපැදි - ඇවිදීමේ තරග ඔක්තෝබර් 10-11

මැරතන් - පාපැදි - ඇවිදීමේ තරග ඔක්තෝබර් 10-11

නාමල් පතිරගේ - 2020 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන්, පාපැදි, ඇවිදීමේ (කාන්තා - පිරිමි) තරග මාලාව ලබන ඔක්තෝබර් 10-11 දෙදින කතරගමදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙවර තරග මාලාවන් විවෘත තරගමාලාවක් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. එසේ වුවත් ලබන වසරේදී පටන් නැවත මෙම තරග මාලාව කලින් පැවැත්වූ ආකාරයට පළාත්වලින් නිර්දේශ මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙන බව ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා පවසයි.

අත්හදාබැලීමක් ලෙස මෙම තරග මාලාව පසුගිය වසරේදී විවෘත තරග මාලාවක් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය. එහෙත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදී තිබෙන ඇතැම් ගැටළු කෙරෙහි අවධානය යොමුකරමින් තරගාවලිය මෙම වසරේ පටන්  පළාත්වලින් නිර්දේශ කෙරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට තීරණය කෙරිණ. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එය මෙම වසරේදීත් විවෘත ඉසව් මාලාවක් ලෙස පැවැත්වීමට තීරණය කළ බව විජේරත්න මහතා පවසයි.

විවෘත තරග මාලාවක් ලෙස පැවැත්වුණත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අයදුම්පත් යොමු කළයුත්තේ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා බාරයේ බව ඔහු පවසයි. ඒ සඳහා ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා ඔවුන්ට අවස්ථාව හිමිව තිබේ.

මැරතන්, ඇවිදීම, පාපැදි (කාන්තා සහ පිරිමි)  ජයග්‍රාහකයින්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් ප්‍රදානය කෙරේ. 10 වැනි ස්ථානය දක්වා රුපියල් 50000 සිට 8000 දක්වා ත්‍යාග මුදල් ප්‍රදානය කෙරේ. එහිදී රිදී පදක්කම්ලාභීන්ට රුපියල් 40,000 ක්ද හා ලෝකඩ පදක්කම්ලාභීන්ට රුපියල් 30,000ක් බැගින් ප්‍රදානය කිරීමට නියමිතය.

මේ වනවිට 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලිය පමණක් නුවරඑළියේදී පවත්වා අවසන් කර තිබේ. ලබන දෙසැම්බර් තෙවැනි සති අන්තයේදී පවත්වා අවසන් කිරීමට නියමිත 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පවත්වා අවසන් කළ යුතු ක්‍රීඩා ඉසව් ගණන 29 කි.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් එහි ඇතැම් ක්‍රීඩා ඉසව් ඉවත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතය.

ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය මෙවර දෙසැම්බර් තෙවැනි සතියේදී පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස පිටියේදීය. අවසන් වරට වසර 2012 දී ජාතික මහ ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස පිටියේදී පවත්වා තිබේ.

පසුගිය වසරේදී එය පැවැත්වුණේ බදුල්ල ‘වින්සන්ට් ඩයස්’ පිටියේදීය. ස්ටෑන්ඩ් පාපැදි ක්‍රීඩා ඉසව්ව වසර කීපයකට පෙර සිට ක්‍රීඩා උළෙලෙන් ඉවත්කර තිබේ.


46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන්, ඇවිදීම, පාපැදි තරග මාලාව පැවැත්වෙන ආකාරය
(ඔක්තෝබර් 10)
● පෙරවරු 5.30- ඇවිදීම – කාන්තා හා පිරිමි තරග
● පෙරවරු 8.00- පාපැදි (පිරිමි - රේසින්) තරගය
● පෙරවරු 8.30- පාපැදි (කාන්තා - රේසින්) තරගය

(ඔක්තෝබර් 11)
● පෙරවරු 5.30- මැරතන් (කාන්තා - පිරිමි) තරග


අදහස් (1)

මැරතන් - පාපැදි - ඇවිදීමේ තරග ඔක්තෝබර් 10-11
  • Nuwan Rathnayake Wednesday, 30 September 2020 06:37 AM

    කරුණාකර දුරකථන අංකයක් ලබාදෙන්න. එක් තරග කරුවෙකු මීට සම්බන්ධවීමට බලා සිටිනවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.