Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැන්චෙස්ටර් සිටි පිල අවසන් පූර්ව වටයට

මැන්චෙස්ටර් සිටි පිල අවසන් පූර්ව වටයට

editorial - 2020 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කෙවින් ඩි‘බෘයින් සහ රහීම් ස්ටර්ලිං දෙදෙනාගේ ගෝල දෙකින් ඉදිරියට පැමිණි මැන්චෙස්ටර් සිටි ක්‍රීඩකයෝ නිව්කාසල් යුනයිටඩ් පිල පරදවා ගෝල 2-0 ජයක් ලබාගනිමින් එෆ්.ඒ. කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියහ. එෆ් ඒ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග 3 ක් ඉරිදා (28) පැවැති අතර මැන්චෙස්ටර් සිටි පිල සහ නිව්කාසල් යුනයිටඩ් පිල අතර තරගය නිව්කාසල්හිදී පැවැත්විණ.

එංගලන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවට ඉතා ආසන්නයෙන් සිටි ‘මැන්චෙස්ටර් සිටි‘ පිල පසුගිය සතියේදී චෙල්සි පිල හමුවේ ලද පරාජය හේතුවෙන් ලීවර්පූල් කණ්ඩායම ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගත්තේය.  කෙසේ වෙතත් එෆ්.ඒ. කුසලාන තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට නම් 13 වතාවක් එෆ්.ඒ. කුසලාන දිනා ඇති ආර්සනෙල් පිල පරාජය කළ යුතුව තිබේ.  අනෙක් අවසන් පූර්ව තරගයේදී චෙල්සි කණ්ඩායම 12 වතාවක් කුසලාන දිනා ඇති  මැන්චෙස්ටර් යුනයිටඩ් පිලට මුහුණ දෙයි.

අවසන් පූර්ව තරග දෙක ජුලි මස 18-19 දක්වා වෙම්බ්ලි හිදී පැවැත්වීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල

ලීස්ටර්ෂයර් පිල පරදවා චෙල්සි පිල ජයලැබීය. (ගෝල 1-0)
ෂෙෆීල්ඩ් යුනයිටඩ් පිල පරදවා ආර්සනෙල් පිල ජය ලැබීය. (ගෝල 2-1)
නිව්කාසල් පිල පරදවා මැන්චෙස්ටර් සිටි පිල ජය ලැබීය. (ගෝල 2-0)
නෝර්විච් පිල පරදවා මැන්චෙස්ටර් යුනයිටඩ් පිල ජයලැබීය (ගෝල 2-1)


අදහස් (0)

මැන්චෙස්ටර් සිටි පිල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.