Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මොටෝකානා තරගාවලිය 5 වැනිදා

මොටෝකානා තරගාවලිය 5 වැනිදා

ශානුක අරවින්ද - 2020 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්), ලංකා මෝටර් රථ ක්‍රීඩා සමාජය (සී.එම්.එස්.සී.) සහ මෝටර් රථ තරග කරුවන්ගේ සංගමය (එම්.ආර්.ඒ.) එක්ව පළමු වරට සංවිධානය කරන ‘කොළඹ මොටෝකානා’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ පළමු අදියර මේ මස 5 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනය අසල රථ ගාලේදී පැවැත්වේ.

එහිදී මෝටර් රථ රියැදුරන් සඳහා සිලින්ඩර ධාරිතාව 1000 දක්වා වේග පාලන සහිත (මැනුවල්) සහ වේග පාලන රහිත (ඔටෝ) ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ. යතුරුපැදිකරුවන් සඳහා සිලින්ඩර ධාරිතාව 160 දක්වා (ආධුනික), සිලින්ඩර ධාරිතාව 160 සට 250 දක්වා (තරග යතුරුපැදි) සහ සිලින්ඩර ධාරිතාව 250 දක්වා (ටේ්‍රල් යතුරුපැදි) ලෙස කාණ්ඩ තුනක් යටතේ තරග පැවැත්වේ.

මෙම තරගාවලියේදී තරගකරුවන්ට අදියර කිහිපයක් යටතේ තරග වැදීමට සිදුවනු ඇත. ඒ ඒ අදියර වලදී සංවිධායකයන් විසින් සකස්කරනු ලබන ධාවන පථයන් ඔස්සේ අඩුම වේලාවකින් තරග නිමා කරන තරගකරුවන් ජයග්‍රාහකයන් බවට පත්වනු ඇත. ජයග්‍රාහකයන් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

දැනට මෝටර් රථ ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට මෙන්ම මෙතෙක් මෝටර් රථ තරග සඳහා සහභාගි වී නොමැති අයටද මෙම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව පවතී. තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය පුද්ගලයන්ට 011-2769734 යන දුරකතන අංකය ඇමතීමෙන් හෝ myslardarentry@gmail.com යන ලිපිනය ඔස්සේ විද්‍යුත් තැපැල ඔස්සේ ඒ සඳහා අවස්ථාව උදාකර ගත හැකිය.


අදහස් (0)

මොටෝකානා තරගාවලිය 5 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.