Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා සංගමයේ නම වෙනස් කරයි

මලල ක්‍රීඩා සංගමයේ නම වෙනස් කරයි

editorial - 2019 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල නාමය ‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා’ යනුවෙන් වෙනස් කිරීමට එහි මධ්‍යම කමිටු රැස්වීමට ගෙන ආ යෝජනාවක් සම්මතවී තිබේ.

ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික ක්‍රීඩා සංගමයක් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය 1921 දී ආරම්භ වූවකි. එය 2002 ට පෙර හැඳින්වූයේ ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමය යනුවෙනි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ඉතිහාසය 1896 දක්වා වන තරම් ඈතකට දිවයන්න් වන අතර ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමයේ මූලාරම්භය සටහන් වුවත් එහි නිල පිළිගැනීම ලබන්නේ 1921 දී අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමයේ සාමාජික රටක් ලෙස ඊට එහි ලියාපදිංචිය හිමිවීමෙනි. මූලාරම්භයේදී එය ලංකා මලල ක්‍රීඩා සංගමය ලෙස හඳුන්වාදී තිබේ.

‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා’ යනුවෙන් සංගමයේ නව නිල නාමය විශේෂ මහ සභා රැස්වීමකින් නිර්දේශ වීමෙන් පසුව එය අවසන් අනුමැතිය සඳහා අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය වෙත යොමු කෙරේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු හා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා නොබෝදා පැවැති එහි මධ්‍යම කමිටු රැස්වීමට ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙන් පසුව එහි නාමය මෙලෙස සංශෝධනය කෙරේ.

මේ වනවිට මලල ක්‍රීඩාවේ නාමයෙන් සංගම් ගණනාවක් ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ ජාතික මලල ක්‍රීඩා සංගමයේ අනන්‍යතාව ආරක්ෂා කරගැනීම සඳහා නව යෝජනාව ක්‍රියාත්මකවීම කාලීනව වැදගත් වන බව එය පිළිගත් මධ්‍යම කමිටු සාමාජිකයන් බහුතරයකගේ අදහසවී තිබේ.

1912 දී ආරම්භ කළ අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමයේ නිල නාමයද මෙම වසරේදී ‘ලෝක මලල ක්‍රීඩා’ (වර්ල්ඞ් ඇත්ලටික්) යනුවෙන් සංශෝධනය කෙරුණි.

ශ්‍රී ලංකාවේ පදිංචිවූ සුදු ජාතිකයන් වන කර්නල් ටී. රයිට් හා එවකට තරුණ ක්‍රිස්තියානි සංගමයේ ලේකම් ධූරය දැරූ රොබට් කැමෙන් යන මහත්වරු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල ආරම්භය සටහන් වන 1921 වසරේදී එහි සභාපති හා ලේකම් යන ප්‍රධාන ධූර දෙකේ කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය යනුවෙන් හඳුන්වන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල නාමය 2002 දී ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ යනුවෙන් සංශෝධනය කෙරුණි.

(+++නාමල් පතිරගේ)


අදහස් (0)

මලල ක්‍රීඩා සංගමයේ නම වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.