Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරීන්ට වැඩමුළුවක්

මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරීන්ට වැඩමුළුවක්

editorial - 2020 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(සුසිල් ප්‍රෙමලාල්)

දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමය සහ ඉන්දීය මලල ක්‍රීඩා සංගමය එක්ව කලාපයේ මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරීන් සඳහා තාක්ෂණික වැඩමුළුවක් අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදි.
ඉකුත් අප්‍රේල් 25දා ආරම්භ වූ එම වැඩමුළුව දින 6 කින් පසුව අවසන් විය.

මෙම ජාත්‍යන්තර වැඩමුළුව සඳහා දකුණු ආසියානු රටවල තාක්ෂණික නිලධාරීන් 912 දෙනකු සහභාගි වූ අතර, ශ්‍රීලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ තාක්ෂණික නිලධාරීන් සංඛ්‍යාව 14 දෙනෙකි. එහි තවත් පියවරක් ඉදිරියට තබමින් දකුණු ආසියානු මලල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා ද න්‍යායාත්මක පුහුණු වැඩමුළුවක් ළඟදීම අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කිරීමට දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමයෙ විධි විධාන යොදා තිබේ.


අදහස් (1)

මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරීන්ට වැඩමුළුවක්
  • බුද්ධික චාමර සෙනවිරත්න Monday, 22 June 2020 08:26 AM

    ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඔයාලා ග්‍රාමීය පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රීඩා දස්කමක් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරගන්න පුළුවන් වුණා නම් ගොඩක් වටිනවා..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.