Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් ක්‍රීඩා පුහුණුව අරඹන්න සැරසෙයි

පාසල් ක්‍රීඩා පුහුණුව අරඹන්න සැරසෙයි

යොහාන් භාසුර - 2021 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොවිඞ් 19’ අවදානම වැඩි බස්නාහිර පළාත සහ සෙසු අවදානම් ප්‍රදේශ හැර සමස්ත ශ්‍රී ලංකාව තුළම සියලුම පාසල් ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරීමට ඉදිරි සතිය තුළ නිර්දේශ ලබාදීමට නියමිතය. එම නිර්දේශ ලැබුණු වාහාම මේ මස තුළ පාසල් ක්‍රීඩා ආරම්භ කළ හැකි වෙතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.   

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ. රට තුළ පවතින තත්ත්වය සහ ප්‍රාදේශීය වශයෙන් පවතින තත්ත්වයන් සලකා බලමින් පියවරෙන් පියවර ආරක්ෂාකාරීව ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට සාකච්ඡාවට සහභාගි වූ සියලුදෙනා එකඟ වූහ.

කේවල සහ අවදානම අඩු ක්‍රීඩාවල තරගාවලි පැවැත්වීමට තීරණය කළ බලධාරීහූ  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ක්‍රීඩා කටයුතු පවත්වාගෙන යාමට හැකියාව ලැබුණහොත් වැඩි අවදානමක් සහිත ක්‍රීඩා සහ එම තරගාවලි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මසකට පසු නැවත සමාලෝචනය කිරීමෙන් එම ක්‍රීඩා සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගැනීමට මෙහිදී එකඟ විය.

ක්‍රීඩා ආරක්ෂාකාරීව ආරම්භ කළ යුතු ආකාරය පිළිබඳව නිසි සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සකස් කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සෞඛ්‍ය, තරුණ හා ක්‍රීඩා සහ අධ්‍යාපන යන අමාත්‍යාංශවල සහ ජාතික ක්‍රීඩා පාසල සභාවේ නිලධාරීහූ ද සහභාගි වූහ.

‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මස මුල සිට මේ දක්වා පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට අවසර නොලැබුණු අතර ඒ හේතුවෙන් සමස්ත පාසල් පද්ධතිය තුළම ක්‍රීඩා කඩාවැටීමකට ලක්ව තිබේ.

 


අදහස් (0)

පාසල් ක්‍රීඩා පුහුණුව අරඹන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.